2019 මාර්තු 16 වන සෙනසුරාදා

නයිජීරියාවේ මාරක පාසල!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

නයිජිරියාවේ ලාගෝස් නගරයේ පාසලක් පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනකු මියගොස් ඇත. ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර තවත් බොහෝ පිරිසක් සිරවී සිටිතැයි විශ්වාස කරන අතර පිරිස් සෙවීමට මෙහෙයුම්වල නිරත කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරති.

තට්ටු හතරකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ වූයේ පාසලකි. පාසල් සිසුන් 100කට අධික පිරිසක් එහි වූ බව වාර්තාගතය. සුන්බුන් අතර සිරවී  සිටි සිසුන් 40ක් පමණ මුදාගත් බව කියයි. එම ගොඩනැගිල්ලේ පාසලට හැරුණුවිට නිවාස සංකීර්ණයක්ද පිහිටා තිබුණි. අදාළ ගොඩනැගිල්ලේ දීර්ඝකාලයක් පැල්මක් තිබී ඇති  බවත් ගොඩනැඟිල්ල දිරාපත්ව ඇති බව වසර 12ක පමණ සිට බලධාරින් දැනුවත් කළත් නිසි පියවර නොගැනීම නිසා මේ අනතුර සිදුව ඇති බවත් කෝපයට පත් මව්පියෝ කියති. අබලන් තත්ත්වයේ පැවති ගොඩනැගිල්ල කඩාදැමීමට යෝජිතව තිබුණු එකකි. මේ අතර මුදාගැනීමේ මෙහෙයුම්වලදී ප්‍රදේශවාසී පිරිමි සහය ලබාදුන් නමුත් එම ස්ථානයට විශාල පිරිසකගේ පැමිණීමෙන් ඊට බාධා එල්ල වී තිබුණි.