
දකුණු දිග මලාවි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 170කට වැඩි පිරිසක් මියගොස් ඇත.දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ හටගත් ගංවතුර හා නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් සියයක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අසීරු කාලගුණය ගිනිකොන දිග අප්‍රිකානු රටවල 843000ක් ජනයා පීඩාවට පත්ව සිටිති.
මලාවි දකුණු දිග ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇති අතර 1,00,000 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇත.
ඉදිරි දින කිහිපය තුළද වර්ෂාපතනයේ වර්ධනයක් ඇති විය හැකි බව එරට කාලගුණ අංශ අනාවැකි පල කර ඇත. අතරමං වූ පිරිස සොයා හමුදා හෙළිකොප්ටර් යානාද ගමන් අරඹා ඇත. දකුණු අප්‍රිකා සෙබළුන්ද මෙහෙයුමට ආධාර කරති.