
20 වසරක කාලයක් තිස්සේ ඇල්ජීරියාව පාලනය කළ ජනාධිපති ඇබ්දෙලාසීස් බුටෆියේකා පස්වැනි වරටත් සිය බලය තහවුරු කර ගැනීම සඳහා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වීමත් සමග රට පුරා විරෝධතා පැතිර ඇත.
81 හැවිරිදි ජනාධිපතිවරයා අප්‍රේල් මස 18 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමෙන් වැළකිය යුතු බව විරෝධතාකරුවෝ අවධාරණය කරති. තමන්ට එරෙහිව දින කිහිපයක කාලයක් පුරාවට විරෝධතා පැවැත්වුණත් විරෝධතාකරුවන් සෘජුව ඇමතීමට මෙතෙක් ජනාධිපතිවරයා කටයුතු කර නැත. ප්‍රතිකාර සඳහා ජනාධිපති ඇබ්දෙලාසීස් රටින් පිටව ගොස් ඇති බවට වාර්තා පළ වුවත් ඒවා මෙතෙක් තහවුරු වී නොමැති වීම විශේෂත්වයකි.
ඒ අතර දහස් සංඛ්‍යාත ඇල්ජීරියානු සිසුන් ජනාධිපතිවරයාට එරෙහිව විදි බැස්සාහ. විරෝධතාවල නිරතවෙමින් සිටින පිරිස් පාලනය සඳහා කැරලි මර්දන පොලීසියද යොදවා ඇත. ඇල්ජීරියස් අගනුවර විශ්වවිද්‍යාලයේ රැස්වුණු සිසුන් සතියකට ආසන්න කාලයක් තිස්සේ මෙලෙස විරෝධතාවල නිරත වෙමින් සිටිති. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් ඉවතට පැමිණ විරෝධතාවේ නිරතවීම වැළැක්වීම සඳහා එහි පිටත පොලීසියද රඳවා ඇති බව කියයි. මේ වනවිටත් අගනුවර පැවැත්වෙමින් ඇති විරෝධතා සඳහා ඔවුන් එක්වීම වැළැක්වීම එහි අරමුණයි.