2019 මාර්තු 02 වන සෙනසුරාදා

ඉන්දුනීසියාවේ රන්පතලක කඳුළු

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

ඉන්දුනීසියාවේ රත්රන් පතලක් නායයෑමෙන් පුද්ගලයන් 60 දෙනෙකු පමණ පණපිටින් පස්වලට යටවී ගිය කඳුළු කතාවක් පසුගිය සතියේ වාර්තා විය. සිදුවීමෙන් පුද්ගලයන් 13 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිවී තිබුණි. ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනේ බොලාං මොංගොන්ඩෝ ප්‍රදේශයේ මෙම නායයෑම සිදුව තිබේ.

පතල තුළ මඩ තට්ටුවලට සිරවී සිටින පුද්ගලයින් සොයා එරට බලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එහිදී පොළොව තුළ වැළලී සිටින ඇතැම් පුද්ගලයන්ගේ හඬ තමන්ට ඇසුණු බවත් සහන සේවකයන් පවසා ඇත. මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ප්‍රදේශවාසීන්ගේ සහායද සහන සේවකයන්ට හිමිව ඇති බව සඳහන්ය.

සුළු පරිමාණ රත්රන් පතල් කැණීම ඉන්දුනීසියාවේ තහනම් වුවද ග්‍රාමීය ප්‍රදේශවල එවැනි තාවකාලික පතල් බහුලව දක්නට ලැබෙයි. එම පතල්වල පවතින අඩුපාඩු හේතුවෙන් අනතුරු බහුලව වාර්තා වෙයි.