2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

පෘතුගාල අගමැතිටත් අකමැති අය අඩුයි!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

පෘතුගාලයේ මීළඟ මහමැතිවරණය ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ අතරවාරයේ පෘතුගාලයේ අගමැතිවරයාට එරෙහිව එරට විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවක් පරාජයට පත්ව තිබේ. ඒ වැඩි ඡන්ද 12ක් හිමිකර ගනිමිනි.

පෘතුගාලයේ සුළුතර ආණ්ඩුවට විරෝධය පළකරමින් පසුගිය කාලයේදී රාජ්‍ය සේවකයන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනවලින් අනතුරුව අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විපක්ෂව මන්ත්‍රීවරුන් 115 දෙනකු ඡන්දය භාවිත කර තිබුණි. මන්ත්‍රීවරුන් 230 දෙනකු අතරින් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 103 දෙනකු පමණි. කන්සර්වේටිව් පක්ෂය ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට සමාජවාදී පක්ෂවල සහාය හිමිව ඇති අතර අන්ත වාමාංශික කොමියුනිස්ට්වාදීන් සහ වාමාංශික කණ්ඩායම ඊට විරැද්ධ වී තිබුණි.