
ජම්මු කාශ්මිර් ප්‍රාන්තයේ පුල්වාමාහිදී ඉන්දියාවේ මධ්‍යම අතිරේක පොලිස් බලකායට අයත් සෙබළුන් රැගත් බස් රථ පෙළකට මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය. මේ ප්‍රහාරයෙන් 45දෙනෙකු මියගිය බව ආසන්නතම වාර්තාව මගින් එළිදරව් විය. දරුණු ලෙස තුවාලලත් සංඛ්‍යාවද ඉතා ඉහළ අතර මරණ ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි වාර්තාවේ. ප්‍රහාරකයා පුල්වාමා අසල කාකාපූර්හි අදීල් අහ්මද් නමැත්තෙක් බව හඳුනාගෙන තිබේ. ජායීෂ් අල් මොහම්මද් නමැති කල්ලියක් මෙහි වගකීම භාරගෙන ඇත. ප්‍රහාරකයා පසුගිය 2018 වසරේ එම කල්ලියට එක්වූ අයෙකි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ 2500ක පමණ සෙබළුන් පිරිසක් රැගත් බස්රථ ගණනාවක්ම මෙම ශ්‍රීනගර් ජම්මු අධිවේග මාර්ගයේ ගමන්ගෙන ඇත. සිද්ධිය වනවිට දින දෙකක කාලයක් අහිතකර කාලගුණය හේතුවෙන් වසා තිබූ මේ මාර්ගය එදින විවෘත කළා පමණි. ප්‍රහාරකයා සෙබළුන් රැගත් බස්රථ පෙළ වෙත Scorpio SUV වර්ගයේ රථයක පටවාගත් කිලෝ 350ක පුපුරණ ද්‍රව්‍ය සහිතව ප්‍රතිවිරුද්ධ පැත්තේ සිට කඩාවැදී තිබේ. ප්‍රහාරයට ලක්වූ බස්රිය ඇඹරී සුන්බුන් බවට පත්ව ඇත. එහි තහඩු පුරා ඇති උණ්ඩ සලකුණු තහවුරු කරන්නේ ත්‍රස්ත ප්‍රහාරකයින් කිහිප දෙනකුම මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි.

වසර 2001න් පසු ජම්මු කාශ්මිර් ප්‍රාන්තයේ වාර්තා වූ දරුණුතම ප්‍රහාරය මෙයයි. එවර ශ්‍රීනගර් පාර්ලිමේන්තුව වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ ටාටා ලොරියක් ධාවනය කරවීමෙන් 38ක් මරා දමන්නට මෙම කල්ලියම සමත්ව තිබුණි.