
නවසීලන්තයෙන් දකුණු දිග නෙල්සන් නිම්නයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් නිවාස 180ක පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත. හෙක්ටයාර දෙදහසකට ආසන්න භූමි ප්‍රමාණයක් මේ වනවිට ගින්නට ගොදුරුවී ඇත. ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානා 12ක් සහ ගුවන් යානා 2ක්ද සමඟ ගිනිනිවන භටයින් කණ්ඩායම් 12ක් ද යොදවා තිබේ. ලැව්ගිනි හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවකටද හානි සිදුවී ඇති අතර ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.
පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇති බව වාර්තා වෙයි. නවසීලන්ත දකුණු දූපතේ පිහිටි නෙල්සන් නගරයේ පිජන් වැලි ප්‍රදේශයේ ලැව්ගින්න හටගෙන තිබුණි. පසුව එය විශාල භූමි ප්‍රමාණයක් කරා සීඝ්රයෙන් පැතිර ගියේය. ඊට හසුවීමෙන් නිවාස කිහිපයක්ද දැවී විනාශ වී තිබේ. මේ සියල්ල අතර ලැව්ගින්න මධ්‍යයේ පැවති විවාහ උත්සවයක් පිළිබඳව රස තොරතුරක්ද මාධ්‍ය වාර්තා කර තිබුණි.
එය ගිනිනිවීම් සේවකයෙකු වන කෙරී සහ මැන්ඩිගේ විවාහ උත්සවයයි. මේ විවාහ මංගල උත්සවය පවත්වා තිබුණේ රිච්මන්ඩ්හි ගිනි නිවීම් සේවා මධ්‍යස්ථානයේදීය. උත්සවය ජැන්ඩිපහට පැවැත්වුණද, ලැව්ගින්න හේතුවෙන් ඇතැම් ආරාධිතයන්ට විවාහ උත්සවය සඳහා සහභාගිවීමට නොහැකි වී තිබුණ බව සඳහන්ය.