2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

මෝදිගේ වෙන්දේසිය

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

අමුතු වැඩ ගැන ප්‍රසිද්ධ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා තවත් අමුතු වැඩකට අත ගැසුවේය. දෙස් විදෙස් සංචාරවලදී තමන් ලද ත්‍යාග හා සිහිවටන වෙන්දේසි කර දැමීමය. ඉන් ලැබෙන මුදල් ගංගා නදිය පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියට යෙදවීමට අදහස් කර ඇත.

මූර්ති නිර්මාණ, සිතුවම් සහ සමරු ඵලක 1800ක් පමණ ඉදිරිපත් කළ මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ නවදිල්ලියේදීය. ඒ අතරින් භාරතීය ජනතා පක්ෂයේ ගුජරාට ප්‍රධානී ජිතුභායි වගානි විසින් තෑගි කරනු ලැබූ බෝට්ටුවක අනුරුවක් වැඩිම මිලකට අලෙවි වී ඇති අතර ඒ සඳහා ඉන්දීය රුපියල් 15,000ක් ලැබී තිබේ.