2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මැලේසියාවට නව රජෙක්!

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

මැලේසියාවේ හිටපු රජු වන කෙලන්තාන්හි පස්වැනි මුහමද් සුල්තාන්වරයා පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත්කලේ ධූරයෙන් ඉල්ලා අස්වන බවටය. ඒ අනුව ඔහු මේ මස අවසානයේදී ධූරයෙන් ඉවත්වනු ඇත. රුසියානු රූ රැජන සමඟින් විවාහ වීම හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වූ බව  මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉවත්ව යන ඔහු වෙනුවෙන් නව රජෙකු තෝරා පත්කරගැනීමට මැලේසියාවේ බලධාරීන් මේ වන විට කටයුතු කර තිබේ.

ඒ අනුව මැලේසියාවේ නව රජු ලෙසින් තේරීපත්ව ඇත්තේ පීනෑන් කලාපයේ පාලක අබ්දුල්ලා සුල්තාන්වරයාය. පීනෑන් ස්වාධීන කලාපයේ පාලකයා වන අබ්දුල්ලා සුල්තාන්වරයා මේ මාසය අවසානයේ එනම් ජනවාරි මස 31 වැනිදා සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. මේ මාසය ආරම්භයේදී පීනෑන්හි සුල්තාන් ධූරයේ දිවුරැම් දුන් ඔහු 47වැනි වියේ පසුවෙයි.

සෑම පස්වසරකට වරක් සාමාජිකයන් නවදෙනකුගෙන් යුතු එරට සාම්ප්‍රදායික නායක මණ්ඩලයක් විසින් ඡන්දයකින් පසු නව රජතුමෙක් පත්කරගනු ලබන අතර මේ ආකාරයට පස් වසරකට වරක් රාජ්‍යත්වය එරට ප්‍රාන්ත 13 අතර හුවමාරු වෙයි.