2019 ජනවාරි 19 වන සෙනසුරාදා

කිම් ජොං නියෝජිතයා අමෙරිකාවට

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

උතුරු කොරියානු ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර දෙවන වටයේ  සාම සාකච්ජා පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන්ගේ විශේෂ නියෝජිතයකු අමෙරිකාවේ වොෂිංටන් නුවරට පැමිණ ඇත. උතුරු කොරියානු විශේෂ නියෝජිත කිම් යොං චොල් චීනයේ බීජිං නුවර හරහා අමෙරිකාවට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔහු එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ සාකච්ජා කිරීමට නියමිතය.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර දෙවන හමුව බොහෝදුරට වියට්නාමයේදී පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරෙයි. උතුරු කොරියානු ජනාධිපතිවරයා ලබන මාසයේදී වියට්නාමයේ සංචාරයක නිරත වන බවටද ඒ අතර තොරතුරැ වාර්තා වෙයි.