2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ලංකා බැංකුව The Asian Banker 2018 සඳහා ආසියානු පැසිෆික් කලාපයේ ශක්තිමත්ම සහ අතිවිශාලතම ප්‍රමුඛ පෙළේ

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

බැංකු ශේෂ පත්‍රයෙහි ශක්තිමත් බව පාදක කර ගනිමින් Asian Banker Magazine විසින් ලංකා බැංකුව දිවයිනේ විශාලතම සහ ශක්තිමත්ම බැංකුව ලෙසත් ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම සහ ශක්තිමත්ම බැංකු 500 අතරින් එකක් ලෙසත් නම් කර ඇත. The Asian Banker 50 ශ්‍රේණිගත කිරීම යනු මෙම කලාපයේ බැංකුවල ශේෂ පත්‍රයන්හි ගුණාත්මක බව සහ තිරසාර බව මෙම ඇගයීම මගින් සහතික කරන ලදී. ඊට අදාළ සියලු දත්ත ලබාගන්නේ මහ බැංකුවෙන් සහ විවිධ ප්‍රකාශන හෝ තතු දත් ඇස්තමේන්තු මගිනි. මෙම ඇගයීම පදනම් වී ඇත්තේ අදාළ වර්ෂය සඳහා ශේෂ පත්‍රයේ වර්ධනය, මෙහෙයුම් පරිමාණය, අවදානම් පැතිකඩ, ලාභදායී බව, වත්කම් තත්ත්වය සහ ද්‍රවශීලතාව මතය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති CIBOS the SWIFT global provider උත්සවයේදී මෙම දැනුම් දීම කරන ලදී. Asian Banker විසින් නම් කරන ලද ආසියානු පැසිෆික් කලාපයේ ශක්තිමත්ම බැංකු 500 ලැයිස්තුවේ ඉහළින්ම Bank of China (Hong Kong) සිටින අතර එම ලැයිස්තුවට Hong Kong Bank, HSBC, OCDC Bank, Citi Bank (Hong Kong), Common wealth Bank of Australia, ANF Bank New Zealand වැනි ජාත්‍යන්තර බැංකුකරණ පතාක යෝධයන් සහ තවත් විශාල සංඛ්‍යාවක් ඇතුළත් වේ.

මෙම නවතම ශ්‍රේණිගත කිරීමත් සමඟ ලංකා බැංකුව ආසියානු පැසිෆික් කලාපයේ බැංකුකරණ පතාක යෝධයන් සමඟ කරට කර සිටිමින් දිවයිනේ විශාලතම සහ ශක්තිමත්ම බැංකුව ලෙස ලංකා බැංකුව ශ්‍රී ලාංකේය බැංකුකරණයේ අසමසම මිනුම් ලකුණක් නිර්මාණය කර ඇත. වසර 2015දී The Asian Banker විසින් මෙම ගෞරව නාමය ලංකා බැංකුවට ප්‍රදානය කරන ලද අතර අප මේ පිළිබඳව ආඩම්බර වන්නේ බැංකුවක් ලෙස පමණක් නොව ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකේය බැංකුකරණය නගාසිටුවීම උදෙසා දිවයිනේ ආර්ථික පැතිකඩ පිළිබඳවද සලකා බලමිනි. අප අපගේ ගනුදෙනුකරුවන් සහ සියලු පාර්ශ්වකරුවන් හට ඔවුන්ගේ විජයග්‍රහණයන් තව තවත් ශක්තිමත් කර ගැනීමට සුවිශේෂ සැලකිල්ලකින් සහ කැපවීමෙන් සේවය කිරීමට මෙම ජයග්‍රහණය තුළින් තවදුරටත් දිරිමත් වන්නෙමු. යැයි ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ මහා කළමනාකරැ සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය. වසර ගණනාවක් තිස්සේ ලාභදායකත්වය, ප්‍රාග්ධනීකරණය සහ ද්‍රවශීලතාවය අතින් ශක්තිමත් ලෙස වර්ධනයක් විදහාපාමින් ලංකා බැංකුව තම සමස්ත ශේෂ පත්‍රය ඉහළ නංවාගෙන ඇත. ලංකා බැංකුව 2017 වර්ෂය ඉතා සුවිශේෂී ආකාරයට නිමකළ ශේෂ පත්‍රය මත දිවයිනේ ඉහළම වත්කම් සංචිතය තමන් සතුකර ගනිමින්.

ශේෂ පත්‍රයේ ශක්තිමත් බව මත පදනම්ව ආසියානු පැසිෆික් කලාපයේ ඉහළම ක්‍රියාකාරීත්වයක් සහිත බැංකු ඉස්මතු කර දැක්වීම සඳහා Asian Banker විසින් 2007 වසර සිට මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරනු ලබයි. ලංකා බැංකුව වත්කම් ට්‍රිලියනයක්, ට්‍රිලියනයක තැන්පතු පදනමක් සහ ණය හා අත්තිකාරම් ට්‍රිලියනයක් යන ප්‍රමාණය ඉක්මවා යමින් සිය ශේෂ පත්‍රයෙහි ට්‍රිලියන ත්‍රිත්වයක් සතු කරගෙන ඇත. තම දීර්ඝ කාලීන පැවැත්ම තුළ ලංකා බැංකුව දිවයිනේ ආර්ථික පැතිකඩ ඉහළ නැංවීම උදෙසා ක්‍රියාත්මක වන ශක්තීන් අතර ප්‍රධානතම ශක්තිය බවට පත්ව ඇත. ශ්‍රී ලංකා රජයේ ණය ශ්‍රේණිගත කිරීමට සමාන B+ International Moody’s යන ශ්‍රේණිගත කිරීම ලබා ඇති එකම බැංකුව ලංකා බැංකුව පමණි.