2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් කොළඹට නව අලෙවි කුටි

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හදවත, බදු අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරුයි මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කරන අලෙවි කුටි බෙදාදීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් සංවර්ධන ලොතරුයි මණ්ඩල පරිශ‍්‍රයේදී පසුගියදා සිදුකෙරිණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ස්වයංරැකියා ප‍්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ලොතරැයි කුටි 500කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි නියෝජිත ජාලය වෙත  බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි හතරවැනි අවස්ථාව එහිදී ක්‍රියාවට නැංවුණි. 

ඒ අනුව කොළඔ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා අලෙවි කුටි 35ක් බෙදාදීම සිදුවිය. 

රුපියල් 43,000/-ක් වටිනා ලොතරුයි අලෙවි කුටියක් සඳහා අදාළ වටිනාකමින් 50%ක් අයකර ගනිමින් මෙම අලෙවි කුටි බෙදාදීමේ සත්කාරය සංවර්ධන ලොතරුයි මණ්ඩලය මගින් දියත් කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරැම, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ, සහකාර සාමාන්‍යාධිකාරී (විකිණුම්) සුනිල් ජයරත්න මහත්වරු සහ අලෙවි නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00