2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

මහජන බැංකුවේ නව සභාපතිනි සුජාතා කුරේ

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී පසුගිය නොවැම්බර් 21 වැනි දින වැඩ භාරගත්තාය. සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදී උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් (ISS) සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.

වසර තිහකට අධික සිය රාජ්‍ය සේවා පරිචය තුළ සුජාතා කුරේ මහත්මිය වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් ඉහළ තනතුරු හෙබවීය.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00