2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

පීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රය විවෘත කෙරේ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

මහජන බැංකුව සහ පීපල්ස් ෆිනෑන්ස් මූල්‍ය සමූහයට අයත් සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගමෙහි ප්‍රධාන කාර්යාලය, කොළඹ හැව්ලොක් පාරේ සිය නව ගොඩනැගිල්ලේ විවෘත කෙරිණි. 

මෙම අවස්ථාව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා පීපල්ස් ඉන්ෂුවරන්ස් හි සභාපති ජෙහාන් අමරතුංග, එහි ආරම්භක කළමණාකාර අධ්‍යක්ෂක ඩී.පී. කුමාරගේ, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එන්. වසන්ත කුමාර්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී සබ්රි ඊබ්‍රහිම්, පීපල්ස් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය සහ එම සමාගමේ ගනුදෙනුකාර භවතුන් සහභාගි වූහ. 

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන සියයකට (100) අධික සංඛ්‍යාවක් මඟින් දිවයින පුරා මහජනතාවට සිය සේවය සපයනු ලබයි.