2017 ජුනි 03 වන සෙනසුරාදා

ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට මහජන බැංකුවෙන් සහයෝගය

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

දිවයිනේ දිස්ත්‍රික්ක 15 කට බලපෑ ගංවතුර, නායයෑම් සහ සැඩ සුළං හේතුවෙන් පීඩාවට පත් සහෝදර ජනතාවට සහන සැපයීමට මහජන බැංකු කාර්ය මණ්ඩලය සිය කඩිනම් දායකත්වය ලබාදුන්නේය.

මහජන බැංකුවේ මෙම ප‍්‍රජා සත්කාර වැඩසටහන සඳහා මහජන බැංකු කාර්ය මණ්ඩලය ආහාර සහ ද්‍රව්‍යමය ආධාර පිරිනැමීය. ආධාර රැගත් ලොරි රථ ගංවතුරින් පීඩාවට පත් ගාල්ල, මාතර, රත්නපුර,කළුතර ඇතුළු සෙසු ප‍්‍රදේශ වලට පිටත්කර යැවිණි.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරුන්ගේ උපදේශකත්වය මත දියත් කළ මෙම වැඩසටහනට මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය දායකත්වය පිරිනැමීය

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00