2022 ජනවාරි 22 වන සෙනසුරාදා

මහජන බැංකුවේ දොම්පේ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 455

මහජන බැංකුවේ දොම්පේ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත් මහතාගේ  ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මේ තුළින් දොම්පේ ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) රෝහිණී මදුරාවල, ගම්පහ ප‍්‍රාදේශීය කළමනාකාර ජී.ආර්.එස්. කෝදාගොඩ, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර රුවන් ඥානතිලක, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිණියන් වන යූ.ඒ.එල්. ශ්‍රීමතී හා පද්මිණි වික‍්‍රමාරච්චි, පූගොඩ ශාඛා කළමනාකාරිණී බුද්ධිකා විමලධර්ම, දොම්පේ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිණී රම්‍යා දිසානායක යන මහත්ම මහත්මීන්ද ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරැවෝ සහභාගි වූහ.
දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741 කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරැවන්ගෙන් යුත් දිවයිනේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

ඡායාරෑපය: මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත් මහතා විසින් දොම්පේ සේවා මධ්‍යස්ථානය සුබ මොහොතින් විවෘත කරන අයුරැ හා ප‍්‍රථම ගනුදෙනුකාර තැන්පතුව භාරගත් අවස්ථාව.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00