2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

කෝටි 12ක සුපිරි ජයමල්ලක්: දෙසැම්බර් 30 කප්රුක පහළවේ !

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1145

කෝටි 12 සුපිරි ජයමල්ලක් සහ අතිශය ආකර්ෂණීය නව ත්‍යාග රටාවක් සමග  “කප්රුක” ලොතරැයිපත 2021 දෙසැම්බර් මස 02 වැනිදා වෙළඳපළට හඳුන්වාදීම සංවර්ධන ලොතරුයි මණ්ඩලය විසින් සිදුකරන ලදී.

වසර ගණනාවක් පුරා පාරිභෝගික ආකර්ෂණය නොමඳව දිනාගත් කෝටිපති කප්රැක ලොතරුයිපත නව මුහුණුවරක් සමගින් “කප්රැක” ලෙස වෙළඳපළට නිකුත් කිරීමට සංවර්ධන ලොතරුයි මණ්ඩලය තීරණය කර ඇති අතර එය ප්‍රථමයෙන් විශේෂ ලොතරුයි පතක් ලෙස වෙළෙඳපළට හඳුන්වා දී ඇත. 

“කප්රුක”  විශේෂ  ලොතරුයිපත් සඳහා අදාළ දිනුම් ඇදීම 2021 දෙසැම්බර් මස 30 වන දින සිදුකරනු ලබන අතර දෙසැම්බර් 31 වැනි දින සිට කප්රුක සාමාන්‍ය ලොතරැයිපතක් ලෙස දින හත පුරාම දිනුම් අදිනු ලබයි. ඒ අනුව දැනට සතියේ දින 7ම දිනුම් ඇදිනු ලබන අද කෝටිපති, ලග්න වාසනා, ශනිදා, සුපර් බෝල් ලොතරුයිපත් වලට අමතරව නව “කප්රුක” ද ඔබට දිනපතාම වාසනාව උදාකරයි.

නව මුහුණුවරකින් “කප්රුක” ලෙස නිකුත් වන ටිකට්පතේ ජය අංක හතරත් ඉංග්‍රිසි අක්ෂරයටත් අමතරව සුපිරි අංකයක්ද තෝරාගනු ලබන අතර ඒ සියල්ලම ගැළපීමෙන් රු.කෝටි 12 කින් ආරම්භව ඉදිරියට යන සුපිරි කෝටිපති ජයමල්ල දිනාගැනීමේ හැකියාව ඇත.

ආකර්ෂණීය සෙසු ත්‍යාග රටාවකින් අලුත් වූ “කප්රුක” ලොතරැයි පතෙහි අංක හතර සහ ඉංග්‍රිසි අක්ෂරය ගැළපීමෙන් රුපියල් කෝටියක “කෝටිපති ජයමල්ල” දිනා ගත හැක. තවද අංක හතර හා සුපිරි අංකය ගැළපීමෙන් ලක්ෂ පනහක මිලියනපති ජයමල්ල දිනා ගැනීමටත් කප්රුක පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ. එයිනුත් නොනැවතී ඕනෑම අංක 04කට රුපියල් දස ලක්ෂයක්ද ඕනෑම අංක 3ක් හා ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් ලක්ෂයක්ද දිනාගැනීමේ හැකියාව ඇත. තවත් රුපියල් දෙදහස, දහස, සියය, විස්ස දක්වා වූ සෙසු ත්‍යාග කන්දරාවකටම හිමිකම් කීමේ හැකියාව ඇත.

තවද දෙසැම්බර් මස 30 දින පවත්වනු ලබන “පවර් ප්ලේ ” විශේෂ දිනුම් ඇදීමේදීද එම ත්‍යාග වලට අමතරව ලක්ෂයේ මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමටද අවස්ථාව ඇත.

ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් අති දැවැන්ත වූ සුපිරි ජයමල්ලක් සමගින් දැවැන්ත සෙසු ත්‍යාගත් ඔබට හිමිකර දෙමින් සිතූ පැතූ සම්පත් ළඟාකරන “කප්රුක” ලොතරැයියෙන් ඔබත් වාසනාව උරගා බලන්න.