දිවයිනේ විශාලතම ATM/CDM ජාලයේ හිමිකරු වන ලංකා බැංකුව 2017 අපේ‍්‍රල් 1 දින සිට 14 දක්වා වූ මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 46 ඉක්මවා ගනුදෙනු වාර්තාවක් තබයි. දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑර යන්ත‍්‍ර 730 කට වඩා වැඩි පූර්ණ කි‍්‍රයාකාරිත්වයෙන් යුතු ATM ජාලයකින් සමන්විත වෙමින් ලංකා බැංකුව අවුරුදු සමයේ ගනුදෙනුකරැවන්හට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මුදල් වෙත පහසු ප‍්‍රවේශය මෙන්ම ඉහළම පහසුව ලබාදී තිබිණි. බැංකුවෙහි ATM ජාලය මගින් පමණක් අපේ‍්‍රල් 1 සිට 14 දක්වා කාලය තුළ ලංකා බැංකුව රැපියල් බිලියන 34 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් නිකුත් කර ඇති අතර එය ශ්‍රි ලංකාවේ බැංකුවක් තමන්ටම අයත් ATM ජාලයකින් නිකුත් කරන ලද ඉහළම මුදල් ප‍්‍රමාණය වේ.
ලංකා බැංකු ගනුදෙනුකරුවන්හට දවසේ පැය 24 පුරා තත්කාලීන වශයෙන් තම ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමේ හැකියාව ලබාදෙමින් දිවයිනේ සෑම වැදගත් ස්ථානයක්ම ආවරණය වන ආකාරයට ලංකා බැංකුව මුදල් තැන්පත් කිරීමේ (CDM) යන්ත‍්‍ර 127 ක් ස්ථාපිත කර ඇති අතර මෙම කාල සීමාව තුළදී CDM මගින් තැන්පත් කරන ලද ඉහළම මුදල් ප‍්‍රමාණය වන රුපියල් බිලියන 12 වටිනා මුදල් බාරගෙන ඇත. 2017 අෙප්‍ර්ල් 07 වන දින ඉහළම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වූ අතර එය රුපියල් බිලියන 6x29 ක් වටිනා ගනුදෙනු 350,000 ක් විය. අපේ‍්‍රල් 7 සිට 12 දක්වා කාලසීමාව තුළ බැංකුවේ ATM ජාලය දිනකට රු. බිලියන 3.45 ක සාමාන්‍යයක් සහිතව මුදල් නිකුත් කර ඇත.
ලාංකික බැංකුකරණ ක්ෂේත‍්‍රය පුළුල් ඩිජිටල් බැංකුකරණයකට අනුවර්තනය කිරීමට අප ගන්නා වෑයම දිනෙන් දින සාර්ථකවනු දැක්ම අපට ඉමහත් සතුටකි. රටේ සෑම වැදගත් ස්ථානයක්ම ආවරණය වන පරිදි යන්ත‍්‍ර 850කට වැඩි ප‍්‍රමාණයකින් සමන්විත අපගේ ATM/CDM ජාලය සමග බහුතර සාමාන්‍ය ජනතාව සම්බන්ධ කර ගැනීමට අපට හැකි වී ඇත. අපගේ පුළුල් ATM/CDM ජාලය අප ගනුදෙනුකරැවන් අතර පමණක් නොව තම කඩිනම් මුදල් අවශ්‍යතා සඳහා පැමිණෙන අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන් අතරද ජනපි‍්‍රය වී ඇත යැයි විකුණුම් හා හැසිරවුම් වැඩ බලන නියෝජ්‍ය මහා කළමනාකරු සහ ශාඛා බැංකු කටයුතු (කලාප 2) නියෝජ්‍ය මහා කළමනාකරු සී. අමරසිංහ මහතා සඳහන් කළේය. කිසිදු පූර්ව සූදානමකින් තොරව ATM යන්ත‍්‍රයක් මගින් පැය 24x7 තුළ දිනකට රැ. 100,000/- දක්වා මුදල් ආපසු ගැනීමට හෝ වෙළෙඳ මධ්‍යස්ථානයකදී සෘජු ගෙවීමක් කිරීමට බැංකුව සියලු පරිශීලකයන්හට හැකියාව ලබාදී ඇත. එමෙන්ම පූර්ව අනුමැතිය සහිතව වෙළෙඳ මධ්‍යස්ථානවලදී දිනකට රු. 100,000/-කට වඩා වෙළෙඳ මධ්‍යස්ථාන වලදී ATM කාඩ්පතකින් ගනුදෙනු කිරීමේ හැකියාවද ලබාදී ඇත. ඩිජිටල් නවීකරණයත් සමග පෙරට යමින් ලංකා බැංකුව ATM යන්ත‍්‍ර සහ CDM යන්ත‍්‍ර වලින් සමන්විත පැය 24x7 ක්‍රියාත්මක ස්මාර්ට්සෝන් නම් වූ කලාප හඳුන්වාදී ඇති අතර දැනට ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් ස්මාර්ට්සෝන් කලාප 130කට වඩා සකසා ඇත. උත්සව සමයේ තම හදිසි මුදල් අවශ්‍යතා සඳහා එය ගනුදෙනුකරැවන්හට සේවය සැලසූ ඉතා හොඳ සේවා ස්ථානයක් බවට පත්ව තිබිණි.