2020 මාර්තු 14 වන සෙනසුරාදා

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි නවතම වැඩසටහන රක්ෂණ ඔප්පු හිමි පවුල් 655 කට ජය ගෙනෙයි

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 415

සෙලින්කෝ ලයිෆ් සමාගමේ නවතම ෆැමිලි සවාරි වැඩසටහන යටතේ මෙරට සියලුම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් 2,600 කට අධික පිරිසක් 2020 වසර එළඹෙද්දී නව ජයග‍්‍රාහකයින් බවට පත්වූ අතර මොවුන්ට 2020 වසරේදී විදේශීය සහ දේශීය විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.  

මේ අනුව, අම්බලන්ගොඩ, කොළඹ උතුර (පවුල් දෙකක්), නාත්තන්ඩිය සහ නෙල්ලිඅඩි ප‍්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් 05 ක සාමාජිකයින් සියලුම වියදම් සහිතව නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් වෙත සංචාරය කිරීමේ අවස්ථාව සුපිරි ත්‍යාගය ලෙස ජයග‍්‍රහණය කළේය. මේ අතර, සමාගමේ තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් 50 ක සාමාජිකයින්ට සිංගප්පූරැවේ සංචාරය කිරීමේ අවස්ථාව ද, රක්ෂණ ඔප්පුහිමි පවුල් 100 ක සාමාජිකයින්ට තරැ පන්තියේ හෝටලයක රාත‍්‍රී නවාතැන් ගනිමින් මහනුවරට දුම්රියෙන් සංචාරය කිරීමේ අවස්ථාව සහ රක්ෂණ ඔප්පු හිමි පවුල් 500 ක සාමාජිකයින්ට ලෙෂර් වර්ල්ඩ් උද්‍යානයේ දිනක් පුරා විනෝදවීමේ අවස්ථාව උදාකර දෙන ලදී. 

ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම කාලයක් පැවති විශාලතම ප‍්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ජයග‍්‍රාහී රක්ෂණ ඔප්පු හිමියන් 655 ක් මෙවර පැවති 13 වන වැඩසටහන යටතේ තෝරාගෙන තිබෙන අතර එමගින් පුද්ගලයින් 2,620 ප‍්‍රතිලාභ ලබා ඇත. මොවුන්ට හිමිවන විදේශීය සහ දේශීය සංචාර මේ වසරේ පළමු අර්ධය තුළදී ලබාදෙන බව සමාගම සඳහන් කරයි.   

ජීවිත රක්ෂණය කෙරෙහි ආකර්ශණය වැඩිකරමින් රක්ෂණ ඔප්පුහිමියන්ට තම රක්ෂණ සැලසුම් ක‍්‍රියාකාරීව පවත්වා ගැනීමට දිරි දීමට සිදුකරන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සමස්තයක් ලෙස පසුගිය වසර 12 තුළදී 26,000 වැඩි පිරිසක් ප‍්‍රතිලාභ ලබා තිබේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පුහිමියන්ට  ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාව උදාවූ අතර අනිකුත් ජයග‍්‍රාහකයින් චීනය, ඩුබායි සහ සිංගප්පූරැව යන රටවල සංචාරය කළේය.  

2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් එම වසරේදී ICCSL විසින් මෙරට ගෞරවනීයම සමාගම් 10 ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.