2020 මාර්තු 07 වන සෙනසුරාදා

මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අත්වැල් බැඳගනී

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 428

මහජන බැංකුව හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දෙපාර්ශවය අතර ආයතනික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නව ගිවිසුමකට එළඹේ. ආයතන දෙක සඳහා අලුතින් පත්කරන ලද සභාපති ධූරයන්හි නායකත්වය යටතේ මෙම සබඳතාවයට මුලපුරන ලදී.

මේ සඳහා වන ගිවිසුම් අස්සන් කිරීම සහ හුවමාරැව පසුගියදා කොළඹ ටෙලිකොම් මූලස්ථානයේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා අතර සිදුවිය. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී /සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන, ශ්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන විධායක නිලධාරි කේ.ඒ. කිත්ති පෙරේරා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.බී.පී. ප‍්‍රනැන්ඩස් යන මහත්වරුන් ඇතුඵ දෙපාර්ශවයේම ආයතනික හා විධායක කළමනාකාරීත්වය සහභාගි වූහ.

මෙම අවබෝධතා ගිවිසුම හරහා පාර්ශවයන් අතර ව්‍යාපාරික අවස්ථා හුවමාරු කර ගැනීමට සහ ආයතන අතර ශක්තිමත් සහජීවනයක් ඇති කරගැනීමට අපේක්ෂා කරයි. විශේෂයෙන් මේ හරහා මහජන බැංකුවල ටෙලිකොම් හා මොබිටෙල් ආයතනයන්ට හා එහි සේවකයින්ට ආයතනික හා පුද්ගල කේන්ද්‍රිය මූල්‍ය විසඳුම් සපයන භාරකාර බැංකුව ලෙස කටයුතු කරන අතර, ටෙලිකොම් ආයතනය මහජන බැංකුවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ලබාදි ඒවා සංවර්ධනය කරන්නා මෙන්ම තාක්ෂණික විසඳුම් සපයන්නා ලෙසද කටයුතු කරයි.

ඩිජිටල් ආර්ථිකයක් කරා රට ගමන් ගන්නා අවස්ථාවක දැවැන්ත රාජ්‍ය ආයතන දෙකක් සිය නවීන ව්‍යාපාරික අවස්ථාවන් ආයතන අතර හුවමාරැ කර ගනිමින් රජයේ දැවැන්ත වැඩපිළිවෙළට ප‍්‍රධාන හවුල්කරැවන් වීමේ අවස්ථාවද මේ තුළින් උදාවේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන මෑතකදී තාක්ෂණය සඳහා සිදුකරන ලද සියලුම ආයෝජන තුළින් සන්නිවේදනය වේගවත් බව හා පැහැදිලි බව හේතුවෙන් මහජන බැංකුවේ ගනුදෙනුකරැවන්ටද තම ගනුදෙනු වඩාත් කාර්යක්ෂම පහසුවෙන් සිදුකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා

මෙම අවබෝධතා ගිවිසුම ආයතන දෙක අතර ශක්තිමත් ව්‍යාපාරික සබඳතා සහ සහයෝගිතාවය ඇති කිරීමට හේතු වනු ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සපයනු ලබන ෆින්ටෙක් විසඳුම් තුළින් අපගේ ගනුදෙනුකරැවන් සමඟ සමීප සබඳතාවයක් නිරතුරැවම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා 

මහජන බැංකුවට දිවයින පුරා පුළුල් ශාඛා ජාලයක්, ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් සහ පැය විසිහතර පුරා ක්‍රියාත්මක ස්වයං බැංකුකරණ ඒකක ජාලයක් හිමියි. ෆින්ටෙක් විසඳුම් සපයන්නා ලෙස, ඔවුන්ගේ මෙහෙයුම් විධිමත් කිරීම සඳහා අපට ඔවුන්ට සහාය විය හැකියැයි මම විශ්වාස කරනවා. අපගේ ගනුදෙනුකරැවන් හටද මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක හරහා පැය 24 පුරාම සේවාවන් ලබාගත හැකියි.