2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

Kia Seltos SUV රථය දැන් වෙළඳපොළේ

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 327

ලොව සුපතල Kia කොරියානු මෝටර් රථ සමාගමේ නවතම SUV මෝටර් රථය වන Seltos මෙරට මෝටර් රථ ලෝලීන්ගේ උනන්දුව තව තවත් වැඩිකරමින් කොළඹදී එළිදක්වන ලදී.

පාරිභෝගික නෙත්සිත් ආකර්ෂණයට ලක්කරන විචිත‍්‍රවත් නිර්මාණී ගුණයෙන් පොහොසත් විශ්වසනීයත්වය තව තවත් වර්ධනය කරන 2020 Kia Seltos රථය අශ්වබල 140 ක් උත්පාදනය කරන ලීටර් 1.4 ක ටර්බෝ ආරෝපිත පෙට්රල් එන්ජිමකින් සමන්විත වේ. මීට අමතරව, වේග 07ක ද්විත්ව ක්ලච් ඔටෝමැටික් ට‍්‍රාන්ස්මිෂන් තාක්ෂණයෙන් යුක්ත මෙම රථය විශිෂ්ට ජවයකින් යුක්ත වන අතර ඇතුළත පුළුල් ඉඩකඩකින් යුක්තව අති නවීන පහසුකම්වලින් පරිපූර්ණ වන ලෙස නිෂ්පාදනය කර තිබේ.
ශක්තිමත් සෘජු පෙනුම සහ ඉහළ ග‍්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගුණාංග හේතුවෙන් Seltos රථය එම පන්තියේ අනිකුත් SUV මෝටර් රථවලට වඩා ඉදිරියෙන් සිටින අතර එහි සුවපහසු අභ්‍යන්තරය උසස් තාක්ෂණයෙන් අනූන වන ලෙස නිර්මාණය කර තිබේ. මෙම SUV මෝටර් රථය මනා පරීක්ෂණ ගණනාවකට ලක් වී ඇති එන්ජින් වර්ග දෙකකින් (CRDi VGT 1.5 ලීටර් ඩීසල් එන්ජිම වෙළඳපොළට නුදුරේදීම හඳුන්වාදෙනු ඇත) ඉදිරිපත් කර තිබෙන අතර මෙම රථය ඉදිරිපස සහ පසුපස ස්කිඩ් ප්ලේට්ස් සහ බ්ලැක් වීල් ආර්ච් ක්ලැඩිං, අඟල් 17 ක ඇලෝයි රෝද, ඉලෙක්ට්‍රික් ස්ටැබිලිටි කන්ට්‍රෝල්, හිල් ස්ටාර්ට් ඇසිස්ට් කන්ට්‍රෝල් සහ A.B.S වැනි ගුණාංගවලින් සමන්විත වන නිසා ප‍්‍රමාණය සහ පන්තියට සාපේක්ෂව ඉහළ off-road ධාවන හැකියාවෙන්ද යුක්ත වේ.

Kia Seltos SUV මෝටර් රථයේ එළිදැක්වීම කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වූ අතර මෙම උත්සව අවස්ථාවට තානාපතිවරැන්, ක‍්‍රීඩා තරැ, ජනප‍්‍රිය පුද්ගලයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගී විය. මේ අනුව, 2019 නොවැම්බර් මාසයේදී සිට ණස් මෝටර්ස් (ලංකා) සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දුන් තුන්වන SUV මෝටර් රථය වන මෙය සඳහා දැඩි පාරිභෝගික ආකර්ශනයක් මෙම එළිදැක්වීමත් සමග ඇතිවී තිබේ.

මෙම උත්සවයේදී Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. අපි Kia Seltos මෝටර් රථයට වඩාත් ආකර්ෂණය වන්නේ එය නව පරම්පරාවේ බලාපොරොත්තු සපුරාලන පරිදි නිර්මාණය කර තිබීම නිසාම නොවෙයි. මෙම මෝටර් රථය නවීන විලාසිතාවෙන්, නවීන තාක්ෂණයෙන් යුක්තවීම නිසාද වඩාත් ආකර්ෂණීය වී තිබෙනවා. මෙය නියම ප‍්‍රමාණයෙන් සහ වෙළඳපොළේ වඩාත් ආකර්ෂණීය මිල ගණන් වලින් යුක්තයි Kia ‘Power to Surprise’ තේමාව සඳහා Seltos කදිම උදාහරණයක් ලෙසින් දැක්විය හැකියි.

Seltos රථයේ ශක්තිමත් බඳෙන් 61%ක් ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත ප‍්‍රබල ශක්තියකින් යුතු වානේ වලින් නිර්මාණය කර තිබෙන අතර අඩි 374 ක ව්‍යුහාත්මක සැකැස්ම මගින් මෙහි ශක්තිය තවදුරටත් වර්ධනය කර ඇත. ධාවනයේදී සාමාන්‍ය, ඉකෝ හෝ ස්පෝර්ට්ස් යන විකල්ප තත්ත්ව තුනෙන් තෝරාගත හැකි අතර මෙම විකල්ප ධාවන තත්ත්ව සඳහා අවශ්‍ය ධාවන අත්දැකීම ලබාදීම සඳහා අවශ්‍ය අනන්‍ය තත්ත්වයන්ගෙන් යුතුව මෙම රථ නිර්මාණය කර තිබේ. 

මෙම රථය රැපියල් මිලියන 6.9ත් රුපියල් මිලියන 7.6ත් අතර මිලකට මිල නියම කර තිබෙන අතර වසර පහක හෝ කිලෝමීටර් 150,000 ක වගකීම මෙම රථයට සමාගම විසින් ලබාදෙයි.