2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සිංගප්පූරු සම්මාන උළෙලේදී මොබිටෙල් සම්මාන සම්භාරයක් දිනයි

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

කොළඹ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගැනීම සහ ඔබ සමඟයි සැමදා යන තේමාව අරමුණු කරගත් සේවාව අගයමින් මොබිටෙල් සඳහා පළමු SEAC Singapore Customer Engagement Forum and Awards සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක්, රිදී සම්මාන එකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ප‍්‍රදානය කළේය. මෑතකදී සිංගප්පූරැවේ පැවති මෙම සම්මාන උළෙල සංවිධානය කළේ APAC Customer Engagement පුද්ගලික සමාගම සහ ශ‍්‍රී ලංකාවේ A and A Enterprises ආයතනයයි. ඔවුන්ට ඒ සඳහා සහයෝගය ලබාදීම ACEF Global විසින් සිදු කළේය. ජාත්‍යන්තර වේදිකාවකදී තම පාරිභෝගික සේවා හැකියාව නැවත වරක් ඇගයීමට පාත‍්‍රවීමට සමගාමීව මෑතක දී මොබිටෙල් ආයතනය ගිනිකොණ ආසියා කලාපයේ ඒ හා සමාන තවත් සම්මාන උළෙලවල් රැසකදී සම්මාන දිනාගැනීමට සමත් විය. පාරිභෝගික සේවා සහ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ මොබිටෙල්හි නව්‍ය එළඹුම ඇගයීමට ලක්කරමින් ඩේටා භාවිතාව සහ පර්යේෂණ කාණ්ඩයම යටතේ උපහාර දීමනා සහ සියදිවි හානි කරගැනීම් වැළැක්වීමේ වැඩසටහන්වලට රන් සහ රිදී සම්මාන හිමි විය. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය කරා පරිවර්තනීය එළඹුම අගයමින් තවත් රන් සම්මානයක් Mobitel Selfcare App වෙත ප‍්‍රදානය කළේය. සන්නාමයට ෙළන්ගතු සහ හොඳම වෙළෙඳ ප‍්‍රචාරණ ව්‍යාපාර කාණ්ඩය යටතේ කෑෂ් බොනැන්සා සඳහා රිදී සන්නාමය සහ මාස්ටර් පැකේජය සඳහා දියත් කළ අලෙවිකරණ ව්‍යයාමය සඳහා ලෝකඩ සම්මානයක් ද හිමි විය.      

මෙම සුවිශේෂී උළෙලේ දී ආසියානු පැසිෆික් කලාපයේ විශිෂ්ට අලෙවිකරණ ක‍්‍රියවලීන් ඇගයීම ලක්කරන ගමන්ම විවිධ ක්ෂේත‍්‍රවල කලාපයේ සිටින විද්වතුන් විසින් සිය අදහස් පැමිණ සිටි පිරිස සමඟ බෙදාහදා ගැනීම ද සිදුකරන ලදී. සිය පාරිභෝගිකයන් සමඟ ඉතා ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාවට අවශ්‍ය සංකල්ප අපේක්ෂා කරන අලෙවිකරැවන්ව මෙම උළෙලේ දී මූලික වශයෙන් ඉලක්ක කරගෙන තිබිණි. එසේම ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම සිටින විශේෂඥයන් සිය අත්දැකීම් බෙදා හදා ගැනීම සහ අදාළ ක්ෂේත‍්‍රයේ සමාන තරගකාරීත්වය අතර ඉදිරියෙන් සිටිමින් සාරථකත්වය අත්පත්කර ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡා, දේශන ආදිය ද මෙහි සංවිධානය විය. තවද සම්මාන උළෙලේ දී පාරිභෝගික අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සිදුකළ නව්‍ය ක‍්‍රියාකාරකම් ඇගයීම ද සිදුවිය. විශේෂ දීමනා මෙන්ම සිය පාරිභෝගිකයන්ගේ වටිනාකම අගය කරමින් දිගින් දිගටම සිදුකළ ක‍්‍රියාකාරකම් සහ ඔබ සමඟයි සැමදා යන උධෘත පාඨය පෙරටු කරගනිමින් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබාදීම සමඟ මොබිටෙල් ආයතනය සිය පාරිභෝගිකයන්ගේ ජීවිතයට සුවපහසු සහ වැඩ කරගැනීමේ හැකියාව ලබාදීමට කැපවීමෙන් කටයුතු කරයි. සිය පාරිභෝගිකයන්ගෙන් පෙරළා ලැබෙන සහයෝගය සහ ළෙංගතුකමේ නොබිදෙන සබඳතාවයේ උදව්වෙන් ශ‍්‍රී ලංකාවේ සැවොම ආදරය කරන අංක එකේ සන්නිවේදන සන්නාමය බවට වර්ධනය සහ ව්‍යාප්තවීමට මොබිටෙල්වලට හැකියාව ලැබිණි.  

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00