2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

MBA අන්තර් බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ශ්‍රීලංකන් බැඩ්මින්ටන් කණ්ඩායමට ජය

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

36 වැනි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය 2019 දී ශ්‍රීලංකන් ගුවන් සේවය නියෝජනය කළ බැඩ්මින්ටන් කණ්ඩායම සිය ක්‍රීඩා විශිෂ්ටත්වය පෙන්වමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට පසුගියදා සමත්විය. 

හිටපු ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරි උදය වීරකෝන් (ගුවන් මෙහෙයුම්) සහ ආර්.එම්.එල්. මුතුකුඩ (ශ්‍රීලංකන් කේටරින්) අවසන් තරගයේ දී McLaren “A” කණ්ඩායම පරාජය කරමින් මාස්ටර්ස් Division – A ශූරයන් ​බවට පත්විය. එහිදී ගුවන් සේවයේ උදය වීරකෝන් හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

තවද බී- කාණ්ඩයේ (පිරිමි 40 ට වැඩි) අවසන් මහා තරගයේදී හේලීස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ජාතික ගුවන් සේවයේ ක්‍රීඩකයන් අනුශූරතාව දිනාගත් අතර එම කණ්ඩායමට අනුරාජි ද සිල්වා (ගුවන් භාණ්ඩ මෙහෙයුම්), සුජිත් විජේතුංග (ගුවන් භාණ්ඩ මෙහෙයුම්), දයාන්ත ප්‍රනාන්දු (ශ්‍රීලංකන් කේටරින්)  සහ මහේෂ් ජයසිංහ (ආරක්ෂක මෙහෙයුම්) යන ක්‍රීඩකයෝ ඇතුළත් වූහ.

ශ්‍රීලංකන් බැඩ්මින්ටන් කණ්ඩායම පිරිමි විවෘත අංශය Division F කාණ්ඩය යටතේ තෙවැනි ස්ථානය දිනාගත් අතර එම කණ්ඩායම දයාන්ත ප්‍රනාන්දු, මහේෂ් ජයසිංහ, දසිතා දහනායක, තිලිණ කරුණරත්න, පුබුදු අතුකෝරල, ශිරෝමාල් ප්‍රනාන්දු සහ නුවන් ජයවික්‍රම යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත විය.  

වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ මූලස්ථානයේ දී සහ කොළඹ ජී.ටී. ජයසූරිය ක්‍රීඩාංගණයේදී තරග පැවැත්විණි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00