2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන 8 ක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ශ්‍රි ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ 2018/19 වාර්ෂික වාර්තාව සඳහා ලොව පුරා වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කෙරෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන ARC Awards International -2019  හි මූල්‍ය සේවා (සාමාන්‍ය) අංශයෙන් සම්මාන 8කින් පසුගියදා පිදුම් ලැබීය. වාර්ෂික වාර්තා සඳහා පිදෙන අධ්‍යයන සම්මාන සේ පිළිගැනෙන මෙම ARC Awards International 33 වැනි වරටත් සංවිධානය කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ MerComm ආයතනය වන අතර, මෙවර සම්මාන උළෙල දකුණු කොරියාවේ සෝල් නගරයේ SHILLA Hotel හිදී පැවැත්විණි. වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කෙරෙන ලොව ප‍්‍රමුඛතම සම්මාන උළෙලවන මෙම ARC Awards International සැලකෙන්නේ ‘වාර්ෂික වාර්තා ඇකඩමි සම්මාන උළෙල (Acadamy Awards of Annual Reports) ලෙසිනි.

පීපල්ස් ලීසිං සමාගම නියෝජනය කරමින් මෙම ARC Awards International -2019 සම්මාන උළෙලට සහභාගී වූ එම සමාගමේ ප‍්‍රධාන කළමනාකරැ (මූල්‍ය), ඔමල් සුමනසිරි මහතා විසින් පීපල්ස් ලීසිං සමාගම දිනාගත් සම්මාන සියල්ල පිළිගනු ලැබීය.
ARC Awards International -2019 සම්මාන උළෙලේදී පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය සේවා (සාමාන්‍ය) යන අංශය යටතේ හිමිකරගත් සම්මාන 8 වූයේ ‘මූල්‍ය දත්ත’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Financial Data) සම්ප‍්‍රදායික නොවන මුල්‍ය වාර්තාව’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Non – Traditional Annual Report),‘සභාපතිගේ පණිවිඩය’ සඳහා පිරිනැමෙන රිදී සම්මානය (Silver Award – Chairman’s/President’s Letter), කවර ඡායාරෑපය/ සැලසුම්කරණය සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය’ (Bronze Award – Cover Photo/Design), ‘අභ්‍යන්තර නිර්මාණාත්මක සැලසුම’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Interior Design), ‘ලිඛිත සටහන්’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Written Text) මුද්‍රණය හා නිමැයුම වෙනුවෙන් පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Printing & Production) හා ඡායාරෑපකරණය වෙනුවෙන් පිරිනැමෙන ගෞරව සම්මානය (Honor – Photography) යන සම්මානයන්ය. 
පීපල්ස් ලීසිං සමාගම ARC Awards International -2019 හි සම්මාන 8කින් පිදුම් ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ලොව ප‍්‍රකාශයට පත් කෙරෙන වාර්ෂික වාර්තා, වටිනාකමකින් යුතුව ඇගයෙන ARC Awards International සම්මාන 8ක්ම මෙවර හිමි කරගැනීම අප සමාගම ලද විශාල ජයග‍්‍රහණයක්. විශේෂයෙන්ම යම් ආයතනයක සමස්ථ පරිපූර්ණ බව හා වගකීම් සහිත ආයතනික පුරවැසියෙකු බව පිළිබිඹු කරන්නේ එම ආයතනයේ වාර්ෂික වාර්තාව තුළින්. අප සමාගමේ 2018/19 වාර්ෂික වාර්තාව සඳහා මෙතරම් විශාල සම්මාන සංඛ්‍යාවක් හිමිවීමෙන් එය නැවත වරක් සනාථ වූවා යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00