2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා වෙතින් YES 101 Singapore සිට ගුවන්විදුලි වැඩසටහන්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

රෝමිං කාණ්ඩයේ සුපිරි බලවතා බව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ජංගම දුරකථන සන්නිවේදන සේවා ජාලය වන මොබිටෙල්, අධිවේගවත් රෝමිං තාක්ෂණය  හරහා තම ගුවන්විදුලි වැඩසටහන් විකාශනය කිරීමට YES 101 සහ Shakthi FM ආයතනවලට බලය ලබාදුන්නේය.

දිනකට ඇමරිකන් ඩොලර් 10කට අසමසම අන්ලිමිටඩ් රෝමිං ඩේටා, SMS, Calls සහ තවත් බොහෝ විශේෂාංග මොබිටෙල් අන්ලිමිටඩ් රෝමිං පැකේජය මඟින් ඔබට ලබාගත හැකිය. මෙමගින් සිය පාරිභෝගිකයන්ට ඩේටා, Calls සහ SMS පිළිබඳ කිසිදු පසුතැවීමකින් තොරව නොකඩවා එහි පහසුකම් සියල්ලම ලබාගැනීමට අවස්ථාව උදාවෙයි. මෙයට අමතරව පාරිභෝගිකයන්ට ඇමරිකානු ඩොලර් 40ක් වැනි ගාස්තුවකට සතියක් වලංගු අන්ලිමිටඩ් රෝමිං පැකේජයද ලබාගත හැක.

රෝමිං පැකේජයක අත්‍යවශ්‍ය සුපැහැදිලිකම සහ වේගවත් බවේ හැකියාවන් ප‍්‍රදර්ශනය කරමින් YES 101 රේඩියෝ නාලිකාවේ evening drive සහ Shakthi FM morning show යන ජනප්‍රියම වැඩසටහන් දෙකම මොබිටෙල් අන්ලිමිටඩ් රෝමිං පැකේජය ඔස්සේ සිංගප්පූරැවේ සිට සජීවිව ශ‍්‍රී ලාංකේය රේඩියෝ ශ‍්‍රාවකයන්ට ලබාදෙන ලදී. එය ශ‍්‍රී ලංකාවේ YES FM  සිටුඩියෝ සිට විකාශනය කළ සුපැහැදිලි වැඩසටහනක් ලෙස ශ‍්‍රාවක ප‍්‍රසාදය හිමිවිය.

YES 101 හි වැඩසටහන කිසිදු අවහිරයකින් තොරව සුපැහැදිලිව එහි සජීවි අත්දැකීම් ෙප්‍ර්ක්ෂකයන්ට තිළිණ කරදෙමින් SMS හෝ Whatsapp සහ සමාජ ජාල හරහා සජීවී කතාබහ, සාකච්ඡා සහ ප‍්‍රශ්න ඇසීම්ද සිදුකළහ. වෘත්තීය කාර්යයන්ට සහ විනෝදාස්වාදය සඳහා විදේශගත වන සියලු දෙනාටම වඩාත් උචිත පහසුදායී සහ වේගවත් සන්නිවේදන අත්දැකීමක් ලබාදෙන එකම පැකේජය මොබිටෙල් අන්ලිමිටඩ් රෝමිං පැකේජය වෙයි. මේමගින් තමන්ගේ ආදරණීයන් සමඟ නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වාගැනීමට අවස්ථාව උදාවෙන අතරම තමන්ගේ ප‍්‍රියතම රෑපවාහිනී හා රෝඩියෝ නාලිකාවක්  ඕනෑම ස්ථානයක සිට ශ‍්‍රවණය කිරීමේ අවස්ථාවද උදාවෙයි.