2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

මොබිටෙල් ලෝක ළමා දිනය කැප්පෙටිපොළ නගරයේ දී සමරයි

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

කැප්පෙටිපොළ ප‍්‍රදේශයේ දරුවන්ට විනෝදාස්වාදය සහ සතුට රුගෙන එමින් ඔබ සමගයි සැමදා රැඳෙන ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් කැප්පෙටිපොළ පොදු ක‍්‍රීඩාංගණයේදී ලෝක ළමා දින සැමරැම් උළෙලක් සංවිධානය කළේය. මෙම වැඩසටහනට විවිධ ක‍්‍රීඩා අංග රැසක් සහ මැජික් සංදර්ශන, ජෙට් රයිඩ්, නැටුම් තරග ආදී විශේෂාංග රැසක් ඇතුළත් වී තිබිණි.  

මෙම මූලිකත්ව වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරන අතර, ග‍්‍රාමීය ප‍්‍රදේශවල අඩු පහසුකම් සහිත දරුවන්ට මෙයින් ප‍්‍රතිලාභ අත්වේ. මෙම වසරේදී මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, තෝරාගත් ළමයින් දාහක් අතර පාසල් බෑග් දාහක් බෙදාදීමේ සුබසාධන වැඩසටහනක් සංවිධානය විය. එමෙන්ම, මෙහිදී පැවති චිත‍්‍ර තරගයේ ජයග‍්‍රහණය කළ දරැවන්ට මවුන්ටන් බයිසිකල් ද ත්‍යාග ලෙස ප‍්‍රදානය කෙරිණි.

ඔබ සමගයි සැමදා යන සිය තේමා පාඨය වෙනුවෙන් සැමදා කැපවන මොබිටෙල් ආයතනය අනාගත පරම්පරාවේ යහපත උදෙසා ආයතනයක් ලෙස සිය කාර්යභාර්යය සැමදා ඉටුකරයි. එමෙන්ම, දරැවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමේ අරමුණින් සිය දායකත්වය ලබාදෙන ඔවුන් හෙට දිනන දක්ෂතාවෙන් පිරිපුන් නායකයන් බිහිකිරීමට තම දායකත්වය ලබාදේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00