2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

මොබිටෙල් වෙතින් මර්සිඩිස් බෙන්ස් රථයක් සහ මිලියනයකට අධික මුදල් දෙහිඅත්තකණ්ඩියට

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

නවතම මර්සිඩීස් රථයක් සහ මිලියනයකට වැඩි ත්‍යාග ලබාදෙමින් දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක‍්‍රීඩාංගනයේ දී මෙවරත් අති සාර්ථකව මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන පැවැත්වීය. බෙන්ස් රථය කුරුණෑගල චන්දිමා කුමාරි මහත්මිය දිනාගත් අතර, දෙවැනි තෙවැනි ත්‍යාග ලෙස පිළිවෙලින් බේරැවල වසන්ත ප‍්‍රදීප් මහතා මිලියනයක මුදල් ත්‍යාගයක් සහ නුවරඑළියේ නදීෂාන් නන්ද කුමාරන් රු.500,000ක මුදලක් දිනාගත්තේය. එදා මෙදාතුර මොබිටෙල් කෑෂ් බොනැන්සා මඟින් අධි සුඛෝපභෝගි රථ වාහන 30ක් පමණ ජයග‍්‍රහකයන් අතර බෙදා දී තිබේ. සෑම වසරකම සුපිරි බෙන්ස් රථ හතරක් සහ මිලියනයකට අධික මුදල් ත්‍යාග ලබාදෙන ශ‍්‍රී ලංකාවේ ඇති අද්විතීය ලෝයල්ටි වැඩසටහන මෙයයි.

පවුලේ සැමට එකට එක්වී විනෝද විය හැකි මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන තුළ ඇස් පරීක්ෂාව, මොබිටෙල් උපහාර පැකේජ ඇති වැඩිහිටියන්ට නොමිලේ ඇස් කණ්ණාඩි දහසක් ලබාදීම, ජාතික හැඳුනුම්පත් ලබාදීමේ සේවාව ආදී සමාජ වගකීම් රැසක් සිදුවේ. එසේම මෙවර වැඩසටහන තුළ E-waste නිවැරදිව බැහැර කිරීමේ දැනුම ජනතාවට ලබාදීම සඳහා ගුවන්විදුලි, රූපවාහිනී, පරිගණක ආදි කසල එකතු කරගැනීමේ කුටියක් ද නිර්මාණය කර තිබුණි. පෙර ගෙවුම් හෝ පසුගෙවුම් සබඳතා ඇති ඕනෑම මොබිටෙල් පාරිභෝගිකයකු මෙම ලෝයල්ටි වැඩසටහනට ඇතුළත් වන අතර, රු.50ක් හෝ ඊට වැඩි රීචාර්ජ් කිරීමකදී හෝ බිල් ගෙවීමකදී ඔවුන්ව ස්වයංක‍්‍රීයව මෙම වැඩසටහනට ඇතුළත් වේ. මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට විනෝදාස්වාදය, වටිනා මුදල් ත්‍යාග ලබාදීමෙන් නොනැවතී සමාජ වගකීම් ද ඉටුකරන සර්ව සම්පූර්ණ ලොයල්ටි වැඩසටහනකි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00