2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කොමර්ෂල් බැංකුව දෙවැනි කාර්තුවේ ආදායම් වර්ධනය කර ගනී

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් 2019 ජූනි 30 වැනිදායින් අවසන් වන මාස හය තුළදී රුපියල් බිලියන 73.587 ක දළ ආදායමක් ලබා තිබෙන අතර එය 2018 වසරේ හතරවැනි කාර්තුවේ සිට ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 (SLFRS 9) වලට අනුකූලව 2018 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 64.944 ක් වූ අගයට සාපේක්ෂව 13.31% ක වර්ධනයක් බව බැංකුව සඳහන් කරයි. 

මෙම මාස හය තුළදී ණය පොතේ මන්දගාමී වර්ධනය සහ අක‍්‍රීය ණය වර්ධනය හමුවේ වුවත් පොලී ආදායම පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 12.90% කින් රුපියල් බිලියන 64.622 ක් දක්වා වර්ධනය වී තිබේ. විශේෂයෙන්ම කාලීන තැන්පතු සඳහා ඇති ඉල්ලූම නිසා තැන්පතු කළඹේ ඇතිවූ වෙනස්කම් හේතුවෙන් මෙම කාලයේ දී පොලී වියදම 16.08% ක ඉහළ අනුපාතයකින් වර්ධනය වී රුපියල් බිලියන 40.477 ක් වී ඇත. 

මේ අතර, මෙම කාලසීමාවේ දී බැංකුවේ ශුද්ධ පොලී ආදායම 7.95% කින් වර්ධනය වී රුපියල් බිලියන 24.146 ක් වී තිබෙන අතර යහපත් වෙළෙඳපොළ තත්ත්වය නිසා අනිකුත් ආදායම් 71.66% කින් රුපියල් බිලියන 3.134 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ වෙළෙඳාම මගින් ලැබූ ශුද්ධ ආදායම 195.42% කින් අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙනි. 

2019 මුල් මාස හය තුළදී සමූහයේ සමස්ත මෙහෙයුම් වියදම 2018 අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 10.98% කින් වර්ධනය වී රුපියල් බිලියන 12.642 ක් වී තිබේ. මේ අතර, මූල්‍ය සේවා මත බදුවලට පෙර ලාභය 2018 අදාළ කාලයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී 3.31% ක පසුබෑමක් වාර්තා කරමින් රුපියල් බිලියන 13.949 ක් වූ බව බැංකුව සඳහන් කරයි. 

කෙසේවෙතත්, ණය ගෙවීම් බද්ද (DRL) සඳහා රැපියල් බිලියන 1.168 ක්ද ඇතුළත්ව මූල්‍ය සේවා මත බදු 39.52% කින් රුපියල් බිලියන 3.604 ක් දක්වා වර්ධනය වීමත් සමඟ සමූහයේ බදුවලට පසුව ලාභය 2019 මුල් මාස හය තුළදී 2018 අදාළ කාලයට සාපේක්ෂව 16.85% කින් පහළ ගොස් රුපියල් බිලියන 6.673 ක් වී තිබේ. සලකා බලන කාලසීමාව තුළදී සමස්ත බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 7.282 ක සීමාව ඉක්මවා තිබෙන අතර සක‍්‍රීය බදු අනුපාතය අති විශාල වශයෙන් 52% කින් වර්ධනය වී ඇත. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00