2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ටිකට්පත ’’සුපිරි ධන සම්පත’’ වෙ‌ෙළඳපොළට නිකුත් කෙරේ

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 303

පුරා වසර 40ක් ශ්‍රී ලාංකික වාසනාවේ රන්කෙත අස්වැද්ද වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය රන්කෙතේ අස්වැන්න ලෙස කෝටිපතියන්, දස ලක්ෂපතියන් සහ සෙසු ත්‍යාගවලින් පෝෂිත විශාල ජයග්‍රාහකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ජනගත කරමින් සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ආයතනයකි. ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවේ විශ්වාසය තහවුරු කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටුකරන අතරවාරයේම මෙරට ජන සමාජයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට ජනාධිපති අරමුදල හරහා අරමුදලුත්, ශ්‍රී ලාංකීය මානව සම්පතේ ප්‍රගමනය සඳහා උසස් අධ්‍යාපනයට වරම් ලද එහෙත් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දරුවන්ට මහපොළ උසස් අධ්‍යාපන අරමුදල හරහා අරමුදලුත් ලබාදෙමින් තම අනුපමේය මෙහෙවර රජයට අයත් රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩවම ඉටුකළ ආයතනයකි. වසරින් වසර ඒ සුවිශේෂී වූ මෙහෙවර තවදුරටත් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකික ජන සමාජයට තව තවත් කෝටිපතියන්, දස ලක්ෂපතියන්, ලක්ෂපතියන් හා සෙසු ත්‍යාග දිනාගන්නා ජයග්‍රාහකයින් බිහිකිරීමේ අදිටනින් 2023.10.27 වන දින තවදුරටත් වාසනාවේ නිම්වළලු පුළුල් කරමින් ''සුපිරි ධන සම්පත'' නමින් සතියේ දින හතේම දිනුම් අදිනු ලබන ලොතරැයියක් වෙළඳපළට හඳුන්වාදීමට කටයුතු කර ඇත.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ව්‍යාපාරික දිවිය තුළ ශ්‍රී ලාංකික වෙළෙඳපළට නව තාක්ෂණයෙන් යුතු ලොතරැයිපත් හඳුන්වා දී නව තාක්ෂණය ඔස්සේ ලොතරැයි මිලදී ගැනීමට අවස්ථාව උදාකළා මෙන්ම වර්තමානයේ නව තාක්ෂණය සමගින් යාවත්කාලීනව ඉදිරියට ගමන් කරනු ලබයි. එබැවින් නව තාක්ෂණය ඔස්සේ ලොතරැයි මිලදී ගන්නන්ගේ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමේ අභිලාෂයෙන් මෙම ලොතරැයි දිනුම් ඇදීම සුවිශේෂී වූ පරිගණක තාක්ෂණය හරහා මානව සම්පතේ අතපෙවීමකින් තොරව සුපිරි පරිගණක තාක්ෂණය භාවිතා කරමින් ජයග්‍රාහකයින් තෝරාගනු ලබන පන්දු තේරීමේ ක්‍රමය ලංකාවට හඳුන්වා දීමට සිටින බව වාර්තා කරයි. ලොතරැයියේ මංගල දිනුම් ඇදීම එළඹෙන 2023.11.09 වැනිදා සිදුකිරීමට නියමිත අතර එය මෙරට ලොතරැයි කලාවේ නව මානයකට ඔබව රුගෙන යන අලුත්ම අත්දැකීමක් වනු ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ විශ්වාසයයි.

මෙලෙස නව ලොතරැයිපතක් වෙළෙඳ‌ෙපළාට හඳුන්වා දීම තුළින් තවදුරටත් මාසිකව, වාර්ෂිකව ජනාධිපති අරමුදලට හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට කරනු ලබන ලාභ ප්‍රේෂණයන් වැඩි කිරීමටත්, එම ව්‍යාපාරික මෙහෙයවීම් තුළින් වැඩි බදු ප්‍රතිශතයක් රජයට ගෙවීම තුළින් රජයට අවශ්‍ය සංවර්ධන කාර්යයට දායකත්වය ලබාදීමටත් නිරතුරු කැපවී සිටින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.

නව ලොතරැයිය හඳුන්වාදීමේ නිල උත්සවය පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති අජිත් නාරගල සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.