මේ වසරේ ඔක්තෝබර් මස 13 වැනි දිනට ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වැනි සංවත්සරය යෙදී තිබිණි. මෙම අභිමානවත් 60 වැනි සාංවත්සරික සැමරුම පෙරටු කරගනිමින් නව ලොතරැයිපත් වන ''Mega Millions'' සහ ''Mega 60'' නව ලොතරැයිපත් වෙෙළඳපොළට නිකුත් කිරීම උත්සවකාරයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි. ගොවිසෙත ලොතරැයියේ සැප්තැම්බර් මසදී බිහිවූ කෝටිපති සුපිරි ත්‍යාගලාභීන් වෙත චෙක්පත් ප්රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එදින සිදුවිය.
මෙම ගොවිසෙත 3471 සහ 3477 වන දිනුම් වාරයන්වල සුපිරි ත්‍යාගලාභීන් වන එම්.ඒ.රසාංජි පෙරේරා මහත්මිය - අතුරුගිරිය (රු.61,271,108/) සහ කේ. චමින්ද ජයවික්‍රම මහතා - මතුගම (රු.60,503,772.80) යන ජයග්‍රාහකයන් වෙත අදාළ ජයග්‍රාහී චෙක්පත් ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතා, අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ආචාර්ය කිත්සිරි මංචනායක මහත්වරුන්ගේද, සාමාන්‍යාධිකාරී නීතීඥ හෂිනි ජයසේකර මෙනෙවිය සහ ඉහළ කළමණාකාරීත්වයේ සහභාගීත්වය ඇතිව සිදුකරන ලදී.