ඔබත් දුම්පානයෙන් යෙදෙන්නෙක් නම් මේ මොහොතේම එය අත්හරින්න. දුම් නොබොන්නෙක් නම් එය කිසිදා පුරුදු කරනොගන්න. දුම්පානය කෙතරම් භයානක මාරකයක්ද යන්න ගැන ඔබ මේතාක් නොදත් කාරණා රැසක් වේ.
ලංකාව තුළ දුම්වැටි විකුණා ලබන සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් බිලියන 80යි.
දුම්බීමෙන් වසරකට ශ්‍රී ලාංකිකයෝ 20,000ක් මරු දකිති. රෝගී වන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසරකට රුපියල් බිලියන 12ක වියදමක් රජයට දැරීමට සිදුවෙයි. – (සෞඛ්‍ය අමාත්‍යංශය) -
දුම්වැටි තුළ අඩංගු විස,
01. බියුටේන් - ලයිටර්වලට යොදා ගන්නා ඉන්ධන, මීතේන් - කුණු කාණු ආශ්‍රිත වායුව.
02. එතනෝල් - අරක්කු, නිකොටීන් - කෘමිනාශක.
03. හයිඩ්‍රජන් සයිනයිඩ් - ගෑස් පිරවුම්වල විෂ වායු, ආසනික් - වස.
04. ස්ටරික් අම්ලය - ඉටි.
05. ඇමෝනියා - වැසිකිළි පිරිසුදුකාරක, ෆෝමැල්ඩිහයිඩ් - එම්බාම් කිරීමට ගන්නා ෆෝමලීන්.
06. ඇසිටෝන් - තීන්ත ඉවත් කරන ද්‍රව්‍යයක්, ඇසිටික් අම්ලය - විනාකිරි.
07. DDT - මදුරු නාශක වස, කාබන් මොනොක්සයිඩ් - විෂ වායු.
08. එතනෝල් - රොකට් ඉන්ධන.
09. හෙක්සයිඩ් - බාබයු කිරීමට ගන්නා ඉන්ධන, ටොලුවින් - කාර්මික ද්‍රව්‍ය.
10. කැඩ්මියම් - බැටරි අමුද්‍රව්‍ය.
දුම්වැටියෙන් අවයවවලට හැදෙන ලෙඩ,
මොළය - ආඝාතය, මුඛය සහ උගුරේ - පිළිකා, පෙනහලු - පිළිකා සහ බ්‍රොන්කයිට්ස්, හෘදය - කිර්ටක ධමනි රෝග, ආමාශය - පිළිකා සහ තුවාල, අග්න්‍යාශය - පිළිකා, මුත්‍රාශය - පිළිකා, ගර්භාෂය හා ඩිම්බ කෝෂ - වඳභාවය, ගබ්සාවීම හා විකෘති කළල වර්ධනය, ගැබ්ගෙල පිළිකා, වෘෂණ කෝෂ - වඳ භාවය, පර්යන්ත රුධිර වාහිනී පද්ධතිය - ශිරා හා ධමනි ආශ්‍රිත රෝග, අස්ථි - ඔස්ටියෝපොරෝසිස්
ඔබ නොදන්නා කරුණු,
• සෑම තත්පර 06කට වරක්ම දුම්වැටියක් නිසා වටිනා මිනිස් ජීවිතයක් අහිමි වෙයි.
• ලොව පුරා මිලියන 06ක් වසරකට දුම්වැටි නිසා මරුට.
• එයින් ලක්ෂ 06ක්ම දුම්පානයෙන් වැළකී සිටියවුන් වනඅතර, අන් අය විසින් සිදුකරන දුම්පානය නිසා ඇතිවන අහිතකර බලපෑමෙන් ඔවුන් මරණයට පත්වේ.
• 20 වන සියවස තුළදී වාර්තාගත දුම්වැටි මරණ සංඛ්‍යාව මිලියන 100යි.
• 21 වන සියවස තුළ අපේක්ෂිත අවම දුම්වැටි මරණ සංඛ්‍යාව මිලියන 1000යි.
මොහොතක් සිතන්න...
දිනකට 3 වරක් දුම් පානය කරන ඔබ මසක් තුළ රුපියල් 2520/-ක් දවා අළු කරයි. වසරකට රැපියල් 30660/-ක් වැයකර හදවත්/ පිළිකා රෝගියකු බවට පත්වී මරැ වැළඳගනියි.
අවවාදයයි! ඔබට දුම්වැටිය අත්හළ නොහැකි නම් නොබෝ දිනකින්ම ඔබව මරා දමා දුම්වැටිය විසින් ඔබව අත්හරිනු ඇත.
♦ සෞඛ්‍ය තොරතුරු ඇසුරෙනි