2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

මෝරතෙල් කොයිතරම් ඕනෑද?

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 866

ස්වභාවික මෝරතෙල් ඔබේ සමට, අස්ථිවලට, හදවතට, වගේම ඔබේ වයසටත් පුදුම හිතෙන තරම් ප්‍රතිඵල ලබාදෙන බව නම් ඔබට කොහෙත්ම අමතක කරන්න බැහැ. ලංකාවේ අපි මුහුණ දෙන රෝග තත්ත්වයන් රැසකට මෝරතෙල් ගුණය ලැබෙන හැටි ගැන අද අපි ටිකක් කතා කරමු.

ආසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි

අද වෙනකොට ලංකාවේ බොහෝමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධානම රෝග තත්වයක් තමයි මේ ආසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 පෝෂණයෙන් වගේම විටමින් A,D සහ E යන ගුණයෙන් පිරිපුන් මෝරතෙල් කරල් මේ වගේ ආසාත්මිකතා, ඉදිමුම වගේම ප්‍රදාහයන් වැනි තත්වයන්වලට එරෙහිව හොඳින් ක්‍රියාත්මකයි. අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි.

ස්වභාවික මෝරතෙල් කරල් සෞඛ්‍යසම්පන්න සන්ධි සඳහා උපකාරී වන අතර ආතරයිටීස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි. අස්ථිවල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්වයන් සමඟ ද හොඳින් සටන් කරනවා.

ඔබේ තරුණ පෙනුම රැකදෙයි

මෑතකදී සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වෙලා තියෙන කරුණුවලට අනුව මෝරතෙල්වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔබ වියපත්වීමේ ක්‍රියාවලියෙන් ඈත් කර තබනවා විතරක් නෙවෙයි. ඔබව සෞඛ්‍යසම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව අපේ DNA අඩංගු ටැලොමෙරෙස් (Telomeres) අංශු  DNA අණු, කල්යාමේදී අවමවීමේ තත්වයෙන් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඔබේ වයස්ගතවීමට බලපාන හේතු අවම කරන්නේ ටැලොමෙරෙස් අංශු. ස්වභාවික මෝර තෙල් මෙතැනදී කරන්නේ මේ ටැලොමෙරෙස් අංශු හීන වීමේ වේගය අවම කරන එක. ඒ නිසා වයසට යනකොට මතුවෙන ලෙඩරෝග රැසකට උත්තර හොයන්න මෝරතෙල් තරම් දෙයක් තවත් නැහැ. එහෙනම් ඉතින් ඔයාම හිතලා බලන්න තරුණ බව රැකගන්න කෘත්‍රිම පෝෂකයන් ආලේප කරනවා හරි පාවිච්චි කරනවා හරි වෙනුවට ස්වභාවික මෝරතෙල්වල නියම ගුණය ලබාගැනීම කොයිතරම් වටිනවද කියලා.

Web MD

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00