2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

විටමින් ඌනතාව හඟවන ලක්ෂණ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3476

අපේ ශරීරයට විවිධ පෝෂක කොටස් අත්‍යාවශ්‍යයි. මේ අතර විටමින් කියන්නේ ඉතාම වැදගත් දෙයකි. ශරීරයට අවශ්‍ය විටමින් ප්‍රමාණවත් නොවීම අපි හඳුන්වන්නේ විටමින් ඌනතාවය ලෙසයි. මේ විටමින් ඌනතාවය ඔබේ ශරීරයේ විවිධ ප්‍රතික්‍රියා හරහා ඔබට දැනුම්දීම් සිදු කරනවා.

දත් රෝග

දත් රෝග ඇති වීමට හේතුව වන්නේ විටමින් D වල මඳ බවයි. විටමින් D, කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මෙම ගැටලුව විසඳා ගත හැකියි. කිරි ආහාර, රතු සහල්, තක්කාලි, බෝංචි, මාළු, දොඩම් සහ මිදි වර්ග වැඩිපුර ආහාරයට ගන්න.

අතපය හිරිවැටීම

මෙවැනි තත්වයක් ඇති වන්නේ ඔබේ සිරැරේ B6, B12 සහ B9 (ෆෝලික් අම්ලය) ආදී පෝෂකවල හිඟතාවය නිසායි. සිරැරේ සෛල වලට රැධිරය මඟින් සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය සීමා වීමක් මෙහිදී සිදුවිය හැකියි. බෝංචි, දොඩම්, මාළු ඇතුළු මුහුදු ආහාර සහ කුකුළු මස් ආහාරයට වැඩිපුර එක් කර ගන්න.

කට වටා සමේ ඇති වන පැලීම්

මෙසේ වීමට හේතු වන්නේ විටමින් B3, B2, සහ B12 වල හිඟතාවය නිසායි. මේ වෙනුවෙන් කුකුළු මස්, සැමන් මාළු, බිත්තර, බෝංචි සහ ඇට වර්ග ආහාරයට එක්කර ගන්න. මීට අමතරව විටමින් C අඩංගු ආහාරත් ලබාගන්න. එය සිරැරට යකඩ උරා ගැනීමට උදව් කරනවා.

මුහුණේ ඇතිවෙන පලු

මේ තත්වය ඇති වීමට හේතුව වන්නේ සිරැරේ බයෝටීන් හිඟතාවයයි. මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ඔබට පුළුවන් චීස්, හතු, අර්තාපල්, තැම්බූ බිත්තර, නිවිති හා මල්ගෝවා ඔබේ ආහාරයට වැඩියෙන් එක්කර ගන්න. ස්වභාවික ආහාර මඟින් බයෝටීන් සපයා ගැනීමට අමතරව, බයෝටීන් අඩංගු පෝෂණ අතිරේක ලබා ගන්න.

කෙණ්ඩා පෙරළීම

නිතර නිතර ඔබේ කෙණ්ඩා පෙරළෙනවා නම්, එය ඔබේ සිරැරේ තිබිය යුතු කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් ආදි පෝෂක ගුණ මඳ බව හඟවන සංඥාවක් විය හැකියි.

ඇතැම්විට මෙය සිදු වන්නේ අධික ලෙස වෙහෙසීම හා ක්‍රීඩා කිරීම නිසා සිරැරේ අඩංගු මිනරල් වර්ග දහදිය හරහා පිට වීම නිසායි. මේ වෙනුවෙන් ඇට වර්ග (ආමන්ඩ්, හේසල්නට්), වට්ටක්කා, කෙසෙල් සහ ඇපල් වැඩිපුර ආහාරයට ගන්න.

ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැති වීම

මෙවැනි තත්වයක් ඇති වන්නේ විටමින් B12 අඩු වූ විටයි. මේ සඳහා කුකුල් හෝ හරක් පීකදු, කිරි, සැමන්, බලමාළු සහ එළු මස් ආහාරයට එක් කර ගන්න.

උකුලේ සහ අත් මතුපිට ඇති වන තඩිස්සි වීම්

මෙසේ වන්නේ සිරැරේ විටමින් A, විටමින් D සහ මේද අම්ලයේ හිඟතාවය නිසයි. මේ සඳහා ඔබ වැඩිපුර සැමන් මාළු හා ඇට වර්ග ආහාරයට ගන්න. විටමින් A බහුල කැරට් ආදී එළවළුත් ඔබේ බත්පතට එකකර ගන්න.

-web MD

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00