2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

අතුරු ආබාධ ආවොත් මොකද කරන්නේ!

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 262

ඕනෑම එන්නතක හෝ ඖෂධයක යම් අතුරු ආබාධ තිබිය හැකියි. බොහෝ අතුරු ආබාධ තාවකාලික වන අතර එන්නත විද පැය 12කට පමණ පසුව ඇතිවී දින කිහිපයකින් අඩු වී යයි.මෙම එන්නතේ සුලබ අතුරු ආබාධ නම්
එන්නත් කළ තැන ඇති වන වේදනාව 

• ඇඟ සීතල කරමින් උණ ගැනීම, මද වෙව්ලීම

• ඔක්කාර ගතිය, වමනය  

• හිසරදය 

• ඇඟපත වේදනාවයි

සුබ කරුණනම් අපහසුතා ඇතිවීම යනු මෙම එන්නත ඔබේ ශරීරය තුළ ක්‍රියා කරන්නට පටන්ගෙන ඇති බව දැනගත හැකිවීමයි.

• එන්නතට පසුව පැනනැගුණු උණ, ඇඟපත වේදනාව වැනි අපහසුතා තිබේ නම්  පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් පැය හයෙන් හයට ඔබට ගතහැකි අතර විවේක ගැනීම, දියර වර්ග වැඩිපුර බීමට ගැනීම සුදුසු වේ. මෙම අපහසුතා දිගටම පැවතුනහොත් හෝ වැඩි වුවහොත් වෛද්‍ය උපදෙස් පතන්න.

• එන්නත විදපු තැන වේදනාව, සීතල, උණ ගතිය, වෙව්ලීම, ඇඟපත වේදනාව සුලබ අතුරු ආබාධ වන අතර වැඩි වුවහොත් වෛද්‍ය උපදෙස් පතන්න. බිය නොවන්න.

• එන්නත විදීමේදී එන්නත් කාඩ්පත සටහන් කරගෙන සුරැකිව තබා ගන්න මාසයකට පසු දෙවැනි මාත්‍රාවට ඔබ පැමිණෙන විට මෙය රැගෙන එන්න.

• එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පසු පමණක් ඔබට වැඩි ආරක්ෂාව ලැබේ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදින්න මාස්ක් දමා, දුරින් ඉන්න, නිතර දෑත් සෝදන්න.

 වෛද්‍ය උත්පලා අමරසිංහ

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00