2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

මානසික ඳ වැටීම් ලක්ෂණ පිළිබඳ කල්පනාකාරී වන්න

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 342

නවීන ලෝකය තුළ මානසික බිඳ වැටීම් තරමක් බහුලව දක්නට ලැබෙන අතර එවැනි තත්ත්වයන්  පිළිබඳව උනන්දුවකින් හා දැඩි අවධානයකින් සිටිය යුතුය. මානසික බිඳ වැටීමකදී නිතර මතුවන අනතුරු ඇඟවීමේ ලක්ෂණ පහත දැක්වේ.

• මෙතෙක් සතුට ගෙනදුන් විනෝදය පිණිස යෙදුන ක‍්‍රියාකාරකම් සහ වෙනත් කටයුතු පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම.

• සිතේ ස්වභාවය වෙනදාට වඩා මැඩ පවත්වා ගැනීම හෝ අදහස හුවමාරුව හා කථාබහ අඩුවීම.

• පාසලේ වැඩ කටයුතු පිළිබඳව නොසැලකිලිමත්වීම පන්තිවලට නොයෑම/පාසල් නොයෑම.

• පෙනුම/ ඇඳුම්/ පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව මෙතෙක් දැක්වූ සැලකිල්ල අඩුවී යාම.

• හැසිරීමේ වෙනසක් ඇතිවීම

• හදිසි තනිවීම (හුදකලාවීම)

• ඉක්මණින් කේන්ති යාම/ අඬා වැටීම

• නින්ද සම්බන්ධ ගැටලු

• නුරුස්සන ස්වභාවය

• කෑම අරුචිය

මෙවැනි මුලික අනතුරුදායක ලක්ෂණ දුටුවිට  හැකි ඉක්මනින් විශේෂඥ වෛද්‍යවරයකුගේ සහාය ලබාගැනීමට මතක තබාගන්න. මානසික බිඳවැටීමක් හෝ එවැනි මානසික ගැටලුවකට ප‍්‍රතිකාර ගැනීම හෝ තමාට තම පවුලේ අයට කැළලක් අවමානයක් නොවන බවට වගබලාගන්න. මේවාට නිසි අවස්ථාවේ සුදුසු ප‍්‍රතිකාර උපදෙස් ලබාගැනීමෙන් ඉතා පහසුවෙන් මෙම ගැටලු විසඳාගත හැකිය.

මෙවැනි මූලික අනතුරුදායක ලක්ෂණ දුටුවිට කළ යුතුදේ.

මානසික අවපීඩනය නොසලකා හැරීමෙන් ඒවා උග‍්‍ර මානසික රෝග දක්වා වර්ධනය වී සියදිවි නසා ගැනීමකින් කෙළවර වීමට පවා ඉඩ ඇත. කිසිම දරුවෙක් සියදිවි නසා ගැනීම ගැන කල්පනා කිරීමට හෝ සියදිවි නසා ගැනීමට තැත් කිරීම හෝ කිසිසේත් අවශ්‍ය නැත. දරුවාගේ ජීවන කුසලතා වැඩීම කණ්ඩායම් ක්‍රීඩා සහ කණ්ඩායම් ක‍්‍රියාකාරකම් තුළින් සිදුවේ. එබැවින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ජීවන කුසලතා වර්ධනය කරගැනීම සඳහා හැමවිටම දරුවා උනන්දු කරවන්න. ඔබට උදව් ලබාගත හැකි පුද්ගලයන්/ ස්ථාන පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

විශේෂඥ උපදෙස් ලබාගන්නේ කොතනින්ද?

මනෝ වෛද්‍ය විශේෂඥයන් - විශේෂඥ උපදෙස් පිළිබඳ පුහුණුව ලැබූ අය මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික විද්‍යායතනය, මුල්ලේරියාව. කොළඹ ජාතික රෝහල ශික්ෂණ රෝහල් මහ රෝහල් හා දිස්ත‍්‍රික් මට්ටමේ මූලික රෝහල්වල මෙම මනෝ වෛද්‍ය සායන පහසුකම් ඇත. මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරු ගැන දිස්ත‍්‍රික් මට්ටමේ පිහිටි රෝහල්වලින් ඔබට දැනගත හැක. පාසල් හා නව යොවුන් සෞඛ්‍ය ඒකකය - පවුල් සෞඛ්‍ය කාර්යාංශය, සුමිත‍්‍රයෝ මෙම සේවාවන් ලබාදෙන ස්වේච්ඡා ආයතනයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00