2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

හරි විදිහට වතුර බොමුද?

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 461

අපි හැමෝගෙම බලාපොරොත්තුව නිරෝගී ජීවිතයකි. වතුර නිසි පරිදි පානය කිරීමෙන් එය ඉටු කරගැනීම හරිම පහසු දෙයකි.

අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නටය. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. අපි එකිනෙකාගේ සිරැරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. ඇත්තටම නිරෝගී බව රුක ගන්නට හරිවිදිහට වතුර බොනහැටි ගැන අද අපි කතා කරමු.

වතුර ඕනෑ ඇයි? 

මිනිස් ශරීරයේ දළ වශයෙන් 60%ක විතර තියෙන්නේ වතුර. අපි නිසි විදිහට වතුර නොබිව්වොත් සංකූලතා රාශියක් ඇති වෙන්නේ ඒකයි. සිරැරේ සෑම පද්ධතියකම පාහේ නිසි ක්‍රියාකාරීත්වයට වතුර මූලික වනවා. රැධිරයේත් වැඩි ප්‍රතිශතය වතුර වීම ඒකට හේතුවයි.

වතුර නොබිව්වොත් මොකද වෙන්නේ?

අපිට ආහාරයක් නැතුව දවස් කිහිපයක් ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒත් වතුර නැතුව ඉන්න පුළුවන් ඉතා සීමිත කාලයක් විතරයි. වතුර නොබිව් විට විජලනය ඇති වෙනවා. නිසි පරිදි වතුර නොබොනවා යැයි නිරීක්ෂණය කරන්න පුළුවන් මුල්ම ලකුණ තමයි වියළි සම. ඒ හැරුණාම හිස කැක්කුම්, මානසික ඒකාග්‍රතාව ගිලිහීම, කම්මැලිබව, ප්‍රබෝධමත් නොවීම දකින්නට පුළුවන්. එමෙන්ම සිරැරේ අපද්‍රව්‍ය (Toxin හෙවත් ධූලක) දහඩිය සහ මුත්‍ර‍ා ක්‍රියාවලියටත් වතුර නොබිව්වොත් බාධා ඇති වෙනවා.

දවසකට කොච්චර වතුර ඕනෙද?

පිපාසය දැනෙන හැම වෙලාවකම විතරක් නෙවෙයි, නිතරම වතුර උගුරැ කිහිපයක් බීම තමයි වෛද්‍ය නිර්දේශය. සුදුසුම දේ තමයි, සිරැරේ බරට බොන්න ඕනෙ වතුර ප්‍රමාණය මැනගෙන බෝතලේක දාගෙන නිතරම ළඟ තියාගන්න එක. එතකොට නිතරම, අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න පුළුවන් වෙනවා.

සාමාන්‍යයෙන් ඔබේ බර මෙන් 0.033 ගුණයක වතුර ලීටර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඔබේ බර කිලෝ ග්‍රෑම්වලින් සටහන් කරගෙන, එය 0.033කින් ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර තරම් ලීටර් ප්‍රමාණයක් තමයි ඔබේ දෛනික වතුර අවශ්‍යතාවය. මෙන්න ඒ සූත්‍රය.

ඔබේ බර (kg) × 0.033 = අවශ්‍ය වතුර ලීටර ප්‍රමාණය

මෙන්න නිදසුන් කිහිපයක්.

40kg × 0.033 = ලීටර 1.32
50kg × 0.033 = ලීටර 1.65
60kg × 0.033 = ලීටර 1.98

දැන් මේ සුත්‍රයට අනුව නිසි පදම සොයා මැන බලා වතුර බොන්න ඔබත් පුරුදු වෙන්න.

- Aqua therapy

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00