2019 මාර්තු 23 වන සෙනසුරාදා

කාන්තාවන්ට වැඩියෙන් ලෙඩ දමන මුත්‍රා ආබාධය

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1581

මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවන්නේ රෝග කාරක බැක්ටීරියා මුත්‍රා මාර්ගයට ඇතුළුවීම හේතුවෙනි. බොහෝවිට ලිංගික ප්‍රදේශවල අපිරිසුදුභාවය, යට ඇඳුම්වල අපිරිසුදුකම, මෙන්ම වැසිකිළි ගොස් පිරිසුදුවීමේදී නොසැලකිල්ලෙන් මළ කොටස් මුත්‍රා මාර්ගයට ඇතුළු වීම, විශේෂයෙන් කාන්තාවන්ට මෙම ගැටලුව ඇතිවෙයි.

රෝග ලක්ෂණ:

මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා උණ ඇතිවීම සුලබය. විශේෂයෙන් ඇඟ සීතල කර උණ ගැනීම වරින්වර දැකිය හැකිය. අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ අධික වෙහෙස දැනීම. මුත්‍රා දැවිල්ල. නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති බව දැනීම, මුත්‍රා සුළු ප්‍රමාණයෙන් පහවීම, මුත්‍රා සමඟ ලේ මිශ්‍රව තිබුණහොත් මුත්‍රා රතු පැහැ ගැනීම, අඳුරු පැහැති වීම, මුත්‍රාවල වළාකුළු වැනි අපැහැදිලි ගතියක් පැවතීම, මුත්‍රාවලින් අමුතු ගඳක් නිකුත් වීම, යටිබඩ කොන්ද පහළ රිදීම, උදරයේ පහළ කොටසේ පිපුන ස්ථානයක් තිබීම යනාදියයි.

පූර්ණ මුත්‍රා පරීක්ෂාවක් තුළින් මුත්‍රා ආසාදනයක් පවතින බව සොයාගත හැකිය. මුත්‍රා සාම්පලය තුළ අඩංගු සැරව සෛල: පස් සෙල්ස් සහ රුධිර සෛල: රෙඩ් සෙල්ස් ප්‍රමාණය මත මෙම නිගමනය කෙරේ. ආසාදනයකට මුල් වූ රෝගකාරකයා හැඳින නිශ්චිත ප්‍රතිකාර ලැබීමට නම් මුත්‍රා රෝපණ පරීක්ෂාවක් හා ප්‍රතිජීවක සංවේදිතා පරීක්ෂණයක් (යුරින් කල්චර් සහ ABST) කිරීම අවශ්‍යය. ප්‍රතිජීවක ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සමනය කරගත හැකිය.

නිතර නිතර මුත්‍රා ආසාදන ඇතිවීම වකුගඩු කෙරෙහි බලපෑ හැකිය. ඒ ගැන විමසිලිමත් වීම සහ වෛද්‍ය උපදෙස් මත රෝගය වැළැක්වීම සඳහා පියවර ගැනීම වැදගත්ය.

UTI news

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00