2016 අගෝස්තු 24 වන බදාදා

ලයිට් හවුස් සුන්දරත්වය විඳින්න

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 378

 

ප්‍රදීපාගාර එහෙමත් නැත්නම් කාටත් පුරැදු විදිහට ලයිට් හවුස් කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැකගන්න පුළුවන් විශේෂයෙන්ම සුද්දන්ගේ කාලයට අයත් අපූරැ නිර්මාණයක්. වාර්තා වෙන අන්දමට ලංකාව පුරාම මේ විදිහේ ලයිට් හවුස් 25ක් පමණ තියෙනවා. 

 

මේ ලයිට් හවුස් එකකට එකක් උස ප්‍රමාණයෙන් වගේම වැදගත්කමිනුත් වෙනස්. ලංකාවෙ උසම ලයිට් හවුස් එක විදිහට සැලකෙන්නේ දකුණේ කොණේ ඉදිකරලා තියෙන දෙවුන්දර ලයිට් හවුස් එකයි. එකේ උස අඩි 161ක්. කොහොම වුණත් යාල වනෝද්‍යානයේ කිරින්ද අන්තයේ ඉඳන් කිලෝමීටර 13ක් පමණ ඈතින් මුහුදේ ගල්පර මත පිහිටලා තියෙන මහා රාවණා සහ කුඩා රාවණා ලයිට් හවුස් කියන්නේ ගොඩක් ලස්සන නිර්මාණ දෙකක්. ගොඩබිමින් එපිට මුහුදේ පිහිටා තිබීම නිසාම ඒ ලයිට් හවුස් දෙකට යන්න ලැබුණොත් බොහොම අපූරැ සමුදුර මැද තනිවුණාක් වගේ අමුතු හැඟීමක් විඳින්න පුළුවන් වේවි. ඒ වගේම මේ තැන් දෙකම දිය කිමිදෙන්නත් හොඳම තැන් විදිහට ප්‍රසිද්ධයි. 


මීට අමතරව ගාල්ල, බේරැවල, මඩකලපුව, මන්නාරම‍ වගේ ප්‍රදේශ කිහිපයකම ගොඩක් සුන්දර ලයිට් හවුස් පිහිටලා තියෙනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00