2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අමාරු ප්‍රශ්නයක්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 577

අත පාටියෙ ලොක්කෙක්, ලොක්කෙක් කිව්වට තරුණපහේ ලොක්කෙක් තමන්ට හිතවත් දියවන්නා කවුන්සිල් මහත්තුරුන්ට කතා කරල ප්‍රශ්නයක් අහනවලු. උන්නැහේ අහන්නෙත් ඒ ප්‍රශ්නය විතරලු...

ප්‍රශ්නය අහල මේකට කෙළින් උත්තරයක් දෙන්න කියන එකලු කියන්නෙ.

කලක් අත පාටියෙ ලොකු පුටුවක වාඩිවෙලා හිටපු මුන්නැහේ දැන් ඉන්නෙ එච්චරම ලොකු පුටුවක නෙවෙයි. ඒක මුන්නැහේගෙ දැඩි කනස්සලට හේතුවක් වෙලා කියල හිතවතුන් කියනව.

මෙයා පසුගිය කාලෙම රටේ ලොකු මහත්තය කිට්ටුවම හිටියත් දැන් වැඩිපුර සමීප හිටපු ලොකු නෝනගෙ පැත්තටලු...

අත පාටියෙ මහ කන්තෝරුව වුණත් අපට තමයි උරුම කියල නිතර කියන මුන්නැහේ තමන් දන්න කියන 21 දෙනාගෙ කණ්ඩායමේ කස්ටියට කතා කර කර අහන්නෙ ඔයා මාත් එක්ක ඉන්නවද? කියන ප්‍රශ්නෙලු?.. මෙයාගෙ මේ ප්‍රශ්නෙට උත්තර දීම අනාගතේ ජරමරවලට හේතුවෙන්න පුළුවන් නිසා සමහරු හරි.. හොඳයි.. බලමුකො... වගේ උත්තර දීල ෂේප් වෙනවලු... සමහර දෙනෙක් නම් අපි ඔයා එක්ක තමයි කියල කියන බව ආරංචියි. ඒත් එහෙම කියන කස්ටිය ඉන්නෙ හත් අට දෙනෙක් විතරලු...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00