2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අමුතු නොම්මරේකින් ඇමතුම්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 432

රටේ මහතැන වෙනුවෙන් පක්ෂයේ තනතුරු දරපු කට්ටියට මේ දවස්වල රහසිගත නොම්මරයකින් ඇමතුමක් එනවලු. කතා කරන්නේ ලොකු නෝනා කෙනෙක්ලු. කටහඬ ඇහුණු ගමන් සද්දේ අඳුරගන්න පුළුවන්ලු.

මම ආයෙ පක්ෂය හදන්න යන්නේ. අරයත් කෑවා. මෙයත් කෑවා. ඒ නිසා මම දැන් මේක ගොඩදාන්න යන්නේ. එන්න මා එක්ක වැඩ කරමු කියනවලු.

මේ කෝල් එකට දැන් දැන් කීපදෙනෙක් ගැවිලලු ඉන්නේ. පක්ෂයේ හිටිය හොඳ වැඩකාරයොලු. දැන් මේ අය නෝනා එක්ක ගමනක් යන්නලු හදන්නේ. නෝනා ඒකට සභාවේ විසි එකකුත් ගන්නවා කියලලු තියෙන්නේ. මේක පාටියෙ ලොකු තැනටත් ආරංචි වෙලාලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00