2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

යම්දෝ නොයම්දෝ කියලා සිතුණි මට

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 805

හිටපු ලොකු තැනට දියවන්නා කවුන්සිලේ විපස්සෙ මහ පුටුව ලබාගන්න ඒකාබද්දෙයි ශ්‍රී ලංකා පක්ෂයයි දෙගොල්ලොම එකඟතාවෙකට ආවා....

උතුරු සන්ධානෙ අලි පාටියට බහුතරේ පෙන්නන්න සහාය දීපු නිසා මේ තීන්දුව ගත්තා.

හිටපු ලොකු තැන විපස්සෙ මහ පුටුවට එනකොට දැන් රත්තන්ට හිමිවෙලා තියෙන විපස්සෙ සංවිධායක පට්ටම නිමල හදක් ඇති ශ්‍රී ලංකා පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයට දෙන්නත් මුලින් තීන්දුවක් ගත්තලු. ඒක එහෙම වුණාට මේ නිමල හදක් ඇති උන්නැහේ වැඩිය මනාප ආණ්ඩුවට සැට්වෙන්න කියලත් ආරංචියක් ගියා...

කොහොම හරි ආණ්ඩුවට නොයන්න අතපාටිය තීන්දු කළාම අඩුම තරමින් මුන්නැහේට විපස්සෙ මහපුටුවවත් ලබාදෙන්න කියල රහසිගත ඉල්ලීමක් අත පාටියෙ වගේම රටේ ලොකු තැනටත් ඉදිරිපත් කරලලු... මහින්ද උන්නැහේල දැන් අතට වඩා පොහොට්ටුවත් එක්ක පයිරැ පාසනම වැඩි හින්ද විපස්ස මහ පුටුවෙ උරුමය තමන්ට කියලලු මේ නිමල හදක් ඇති ජ්‍යෙෂ්ඨය කියන්නෙ.

ඒත් උන්නැහේගෙ ඉල්ලීම රටේ ලොකු තැන විසින් ලත්තැනම ලොප් කරල විපස්සෙ මහ පුටුව හිටපු ලොකු තැනටම දෙන්න තීන්දු කළා. ඒ හින්දා අරය දැන් ඉම්දෝ... නොයිම්දෝ... යම්දෝ නොයම්දෝ කිය කියා ඉන්න බවයි ආරංචි. ඒ නිසා උන්නැහේට ලැබෙන්නගිය සංවිධායක පුටුව අමර නමක් තියන කෙනෙකුට දෙන්න සිද්ධ වුණාලු.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00