2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ලොකු පුටුවක් පෙරළනවලු

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 508

තමන්ට කැබිනට් පට්ටමක් නොලැබීමේ ශෝකයෙන් ළඟදි පක්ෂ මාරුකරපු දකුණට සම්බන්ධ එක්තරා උන්නැහේ කෙනෙක් තමන්ලා ඉස්සරහට කරන්න යන වැඩක් ගැන තැන් තැන්වල කියවන්න පටන් අරන්ලු...
අපි ළඟදිම රටේ ලොක්ක පක්ෂ නායකත්වයෙන් අයින් කරල පක්ෂයෙ බලය අල්ලගන්න බවලු මුන්නැහේ තැන් තැන්වල කියන්නෙ...

හිටපු ලොකු තැනගෙනුත් කැපිලා දැන් ඉන්න ලොකු තැනගෙනුත් කැපිල පසුගිය ඡන්දෙත් පැරදිලා කලක් ගෙදර ඉඳල නීති හබේකින් පස්සෙ කවුන්සිලේට ආපු මුන්නැහේ දැන් ඉන්නෙ අලිපාටියෙ...

එතන ඉඳගෙන අත පාටියෙ ලොකු පුටුව වෙනස් කරන බවයි උන්නැහේ කියන්නෙ...

මෙයා මේ ගැන අත පාටියෙ ජ්‍යෙෂ්ඨ කිහිප දෙනෙක් එක්ක කතා කරන්න කියල හමුවීම් ඉල්ලා තිබෙනව... ඒත් ඒ හමුවීම් ඉල්ලපු ජ්‍යෙෂ්ඨයො කිසිම කෙනෙක් ඔය ගැන කතා කරන්න නම් මෙහේ එන්න එපා කියල දකුණෙ ලොක්කට දොරවල් වැහුව බවයි ආරංචි...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00