2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සද්දෙ වහපු ලොක්කා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 369

දේශපාලනයෙන් සමුගන්නවා කියන අනුරපුරේ පරම්පරාගත නිල් ලොක්ක මේ දවස්වල ගෙයින් එළියට බහින්නේ නැතිලු. මෙයා පස්සේ වැටිච්ච අනුගාමිකයන්ටවත් මෙයාව බලන්න බැරිවෙලාලු තියෙන්නේ. ගෙදරට ගියහමත් ‘සර්’ ගෙදර නෑ කියනවලු. ඇමතුම් පිට ඇමතුම් ගත්තත් ප්‍රතිචාරයකුත් නැහැලු.

මේ හදිසි වෙනස් වීමට හේතුව මොකක්ද කියලා දන්න දන්න කට්ටිය හොයලා බලද්දිලු කතාව ආරංචි වෙලා තියෙන්නෙ. මේ දවස්වල මෙයාගේ පස්සේ අලිපාටියේ කට්ටිය පන්නනවලු. මෙයාට අලි ආණ්ඩුවක හොඳ හොඳ ඔෆර් ගේනවලු. කට්ටිය කතා කරලා, පණිවිඩ එවලා අහනවලු ඔයා එන්නේ නැද්ද කියලා. මෙයාගේ වැඩේ පිටිපස්සේ ඉන්නේ අත පාටියේ හිටපු ලොකු නෝනලු. කොහොම හරි මේක මහ තැනට කන වැකිලා නිසා මෙයා ඉන්නේ ටිකක් බයෙන්ලු. ඒ නිසා කාටවත් මෙයාව ගෙයින් එළියට ගන්නවා බොරැලු. එයා දැන් රඟපාන්නෙ නිශ්ශබ්ද විලියම්ගෙ චරිතය කියලයි කියැවෙන්නෙ.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00