2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

උන්නැහේ කේන්තියෙන්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 557

විපක්ෂයේ ඉහළම පට්ටමක් දරන වියපත් දේශපාලුවෙක් ලන්ඩන් පැත්තෙ ගිහිල්ලා එන්න හිතාගෙන හිටියෙ කාලෙකට ඉස්සර ඉඳලා.

උන්නැහේ මේ ගමන ප්ලෑන් කරලා තිබුණේ නොවැම්බර්, දෙසැම්බර් කාලෙයි. සීත කාලෙ වුණත් නිවාඩු සමය නිසා ලන්ඩන් පැත්තෙ කැරකිලා තමන්ගෙ පාටියට ආධාර උපකාරයක් ලබාගෙන ෂොපිං පාරකුත් දාලා එන්නලු උන්නැහේ ප්ලෑන් කළේ....

නමුත් කවුරුවත් නොසිතපු විදිහට කඩා වැටිච්ච හදිසි දේශපාලන මරාලය නිසා උන්නැහේට ලන්ඩන් ගමන කැන්සල් කරන්න වෙලා දැන් ඉන්නෙ මල පැනලලු. ඒ හින්දා මේ අර්බුදේ ඇති කළ අයට උන්නැහේ හතර අතේ නෙලනවලු. තමන්ගෙ ළඟ ඉන්න අය එක්කත් කෝපය පිටකරනවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00