2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

රාජ්‍ය රහස් රකින්න බැරි ලොක්කෙක්!

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 469

රටේ ආරස්සාව ගැන ඇතිවෙලා තියන ප්‍රශ්න කතා කරන්න ජාතික ආරස්සාව බාර මහ මණ්ඩලේ හදිසි රැස්වීම පසුගියදාක රාත්තිරියේ රටේ ලොකු මහත්තයගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න තීන්දු වුණා.... ඒක තිබ්බෙ ආණ්ඩුවේ ලොකුම කන්තෝරුවක. සාමාන්‍යයෙන් ආරස්සක මණ්ඩලේට ත්‍රිවිධ හමුදා පොලිස් ලොකු ලොක්කො රටේ ප්‍රධාන ලේකම්වරුන් අනිවාර්යයි...

ඉතින් ආරස්සක මණ්ඩලේ කැඳවන්න හදනකොට රටේ ඉහළම තැනකින් ඒක කැඳවන ලේකම් තැනට නියෝගයක් ලැබුණලු.. ඕක කැඳෙව්වට කමක් නැහැ. හැබැයි අර මිනිහා මේක හතර මායිමේ ගෙන්වන්න බැහැ...

අන්තිමේදී මේ නිලධාරියා සොයලා බැලුවා කවුද මේ කැඳවන්න තහනම් වෙච්ච ආරස්සක ලොක්කා කියලා... බැලින්නම් මෙයා එක්තරා ප්‍රධාන ආරස්සක දෙපාර්තමේන්තුවක ලොක්කෙක්ලු... එයා වෙනුවට මේ රුස්වීමේ ගන්න රාජ්‍ය තීරණ රාජ්‍ය රහස් පිට නොකරන ඒ දෙපාර්තමේන්තුවේ දෙවැනියෝ දෙන්නෙක් රැස්වීමට කැඳවන්න නියෝග ලැබුණා. 

රාජ්‍ය රහස් රැකගන්න බැරිවෙච්ච චෝදනා ලත් ආරස්සක ලොක්කා ඉබේම කැපිලා ගියා... 

ලංකා ඉතිහාසෙ පළමු වරට ඒ කාකි සූට් ලොක්කා නැතුව වෙනත් ජ්‍යෙෂ්ඨයකුගේ සහභාගීත්වයෙන් ආරස්සක මණ්ඩලේ රැස්වුණා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00