2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පරාජයත් දිනුමක්ලු!

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 472

පහුගිය දවසක පොහොට්ටුවේ ලොක්කව හම්බවෙන්න ගියාලු එයා ළඟම ඇසුරැ කරන කීපදෙනෙක්. ගියේ මේ වෙන දේවල් බලාගෙන ඉන්න බැරි කමටලු. ගිහින් ඇහුවලු සර් මේ මොකක්ද වෙන්නේ කියලා. මෙයත් ගාණක් නැතුව මොකක්ද කියලා ඇහුවලු. ආණ්ඩුව ගැන කියලා කිව්වම මෙයාගේ මූණ වෙනස් වුණාලු.

“සර් අපි පරදියි නේද පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයකින්" කියලා ඇහුවලු. මෙයත් හිනා වෙලා ඔලුව වනලා කිව්වලු "මමත් ආසයි මේක පරදිනවා" නම් කියලා. කට්ටිය උඩ ගියාලු ඒ කතාව අහලා.

මෙයා ඊට පස්සේ කිව්වලු "ඒ පැරදීම ඇතුළේ ලොකු වැඩක් තියෙනවා. ඒකෙන් පොහොට්ටුව හොල්ලන්න බැරි වෙනවා* කියලා. ඊටපස්සෙ කට්ටිය ඇහුවලු ඒ ප්ලෑන් එක ගැන. මෙයා නෙමෙයි වචනයක් කිව්වේ. ඒත් එක දෙයක් අන්තිමට එයා සඳහන් කළා මීටපස්සෙ කල්පනාවෙන් බලාගෙන ඉන්න. රටේ ලොකු තැනයි මමයි ඉස්සරහට හිතාගන්න බැරි ලොකු ලොකු වැඩ කීපයක් කරනවා කිව්වලු. ඒක අහපු අය අන්තිමට ගෙදර ගියේ තවත් ලිහාගන්න බැරි ප්‍රශ්නයක් අරගෙනලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00