මේ රටේ ලොකුම ඒ වගේම බලවත්ම කාන්තා චරිතයක්... එතුමිය හැමදාම කළේ ආන්දෝලනාත්මක වැඩ. ඒ වගේ වැඩක් පසුගිය දවසෙත් එතුමිය සිද්ධ කළා.
ස්ථානෙ... කොළඹ යූනියන් පෙදෙස. වෙලාව... උදේ කාලය... ඔන්න මෙතුමිය තමන්ගෙ ආරක්ෂක කස්ටියත් එක්ක එතන තියන සුපිරි වෙළෙඳසලකට ආව. සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටිය මෙතුමිය ආරක්ෂකයො වාහනේ නවත්තල වෙළෙඳසලට ගොඩවුණා. ඊටපස්සෙ කෙළින්ම ගියේ ලෝකයේ ඉස්තරම්ම විදේශීය මත්පැන් තියන කවුන්ටරේ ළඟට. එතන රාක්කවල අසුරලා තිබුණ දුබලම සුරාවර්ගවල මිල ගණන් බලමින් ඉන්නකොට මේක දැකපු එක්තරා තරුණයෙක් තමන්ගෙ දුරකතනයෙන් මෙතුමිය මත්පැන් කවුන්ටරේ මිල විමසන හැටි හිටු කියල ඡායාරූපගත කළා...
පින්තූර කිහිපයක් ගන්නකොට එතුමිය මේක දැක්ක... දැක්ක ගමන් කලබලවෙලා හොරෙන් ෆොටෝ ගත්ත හාදය අල්ලන්න ආරක්ෂක අංසෙට කෑගහල කිව්ව... එයාල ඒකට ලෑස්තිවෙනකොටත් කොල්ල දුවල... අතුරුදන්වෙලා ඉවරයි... කෙහොමින් කොහොමහරි එතුමිය හොඳටම අප්සෙට්වෙලා ගෙදර එනකොට අන්තර්ජාලෙ ඇතුළෙ වැඩේ පත්තුවෙලා ඉවරයි.