2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ටෙන්ඩර් අණ්ඩරේ

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 405

මේක කුණු ටෙන්ඩරේකට සම්බන්ධ කතාවක්. ලංකාවෙ ප්‍රබලම නගර සභා ආණ්ඩුවක කුණු ටෙන්ඩරේ රුපියල්කෝටි ගණනක් වටිනවලු.

හැබැයි ටෙන්ඩරේ අනුව කුණු ඇදිල්ල භාරවෙන කොම්පැණිය නිසි ලෙස කුණු ගෙනියනවද නැත්ද කියල බලන්නෙ නගරෙ බලය තියෙන මන්තිරිගොල්ලයි. ඒ නිසා නොයෙක් පක්ෂවලට අයිති උන්නැහේල සන්තෝස නොකර කවුරු හරි ටෙන්ඩරේ ගත්තොත් ඒක ලොකු අවුලකට මුලක්...

කොහොම හරි ඊයෙ පෙරේදා ලබන අවුරුද්ද වෙනුවෙන් කුණු ටෙන්ඩරේ ප්‍රදානය කිරීම සිද්ධ වුණාලු. ඒ ටෙන්ඩරේ ප්‍රදානය කරන්න කලින් ඔය කියන සභාවෙ ඉන්න මන්තිරිගොල්ල නියෝජනේ කරන පක්ෂවලට එකපාරටම ලස්ස ගණනින් නිල් මොණරු ලැබුණලු...

මෙහෙම බෙදාපු සල්ලි ගණන කෝටිවලින් දෙකහමාරකට කිට්ටු බවත් ආරංචියි... ඒක දීලා තියෙන්නෙ ටෙන්ඩරලාභී සමාගමලු...

ඒ විදියට ගනුදෙනු බේරපු නිසා ජනතාවට මොන විදිහෙ කුණු ප්‍රශ්න තිබුණත් එය කියන සභාවෙ මන්තිරිගොල්ලට නම් ඉස්සරහට කුණු ප්‍රශ්න මතුවෙන එකක් නැතිලු.

මේ විදියට එක්තරා පක්ෂයකට දීපු ආධාරය ඒ පක්ෂයේම මන්තිරිකම් කරන නෝනා කෙනෙක් මාටිය ගහලලු... මේ මාටිය කතාවෙන් තමයිලු ටෙන්ඩර් සන්තෝසමේ කතාව පත්තුවුණේ.

කොහොම වුණත් මේ සෙල්ලම සිද්ධ වුණේ මොන නගර සභාවෙද කියලා නම් අපි කියන්නෙ නැහැ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00