අනුන්ගෙ වැරදි ගැන හයියෙන් කතාකරන කොළඹ දිසාවෙ ආසනේකින් තේරීපත්ව ඉන්න සිංහයෙක් වගේ රාජ්ය ඇමැති සයිස් මහත්තයෙක් නුවර හන්තාන කන්දෙ විධිමත් අවසරේකින් තොරව දැවැන්ත හෝටලයක් හදනවලු.
බොහොම හැඩවැඩ තරුණ රාජ්ය ඇමැති මහත්තයා නියෝජනේ කරන්නෙ අලි පාටියලු. මුන්නැහේ කරන මේ වැඩේ නිසා ඔය ගොඩනැගිල්ල හැදෙන ඉඩම අහළ පහළ ඉන්න ජනතාවට විශාල පීඩාවක් ඇතිවෙලා කියලා පැමිණිලි ගොඩයි.
මේ කරදරේ ගැන රටේ පරිසරය භාරව ඉන්න ලොකු මහත්තයටයි දෙවැනි මහත්තයටයි පැමිණිලි කරන්න පීඩාවට පත් ජනතාව තීන්දු කරලා... එහෙමත් හරි නොගියොත් පළාතෙ ජනතාව මේ පීඩාකාරී වැඩේට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්නත් ලෑස්තියි කියලයි ආරංචි. තමන්ට පැවරිලා තියන ලෝක වෙළෙඳ වැඩ පැත්තක තියල කරන මේ වැඩනිසා යහපාලන ආණ්ඩුවෙ හොඳ නමට ලොකු හානියක් වෙලා කියල නුවරපැත්තෙ මිනිස්සු කියනවලු.