2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

අස්වෙන්න කැමති කවුද?

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 607

දැන් රටේ දෙවැනි පුටුවෙ ඉන්න හිටපු ලොකු තැන පොහොට්ටුවෙන් ඇමැතිකම් ගත්ත ජ්‍යෙෂ්ඨයො කස්ටියකට හදිස්සියෙම තමන්ගෙ නිවසට එන්න කියලා ආරාධනා කළා...

ඔන්න ඉතින් ඒ පාර මේ ඇරුයුම ලැබූ අය කිහිප දෙනෙක් විජේරාමයෙ ගෙදරට ආවය කියමුකො... මේ අය සුහදව පිළිගත්ත හිටපු ලොකු තැන ඇමැතිල කස්ටියට එන්න කියල තිබුණෙ අමුතු ඉල්ලීමක් කරන්නලු....

තමුන්නාන්සේලට අපි බලය ලබාගත්ත හැටියෙ ඇමැතිකම් දුන්නා. එහෙම දෙන එක මගේ යුතුකමක් නිසා තනතුරැ දුන්නා... ඒත් දැන් මට සිද්ධවෙලා තිබෙනව ආණ්ඩුවට එකතුවෙන්න යන අලුත් අය කිහිප දෙනෙකුටත් තනතුරු දෙන්න. නමුත් තියෙන්නෙ පුරප්පාඩු 1යි. කියල උන්නැහේ තමන් ඉදිරිපිට ඉන්න අයගෙ මුහුණෙ ඉරියව් එහෙම වෙනස් වෙනවද කියල බැලුවා... ඊළඟට ආයෙත් කතා කළා.

කෙටියෙන්ම කියනවා නම් මම ඕගොල්ලන්ට එන්න කීවෙ අපේ අවශ්‍යතාවයෙ හැටියට ඉල්ලා අස්වෙන්න කැමැති කවුද කියල අහන්නයි. මේක අමිහිරි ප්‍රශ්නයක් වුණත් ආණ්ඩුව රුකගන්න එක අපි කාටත් වැදගත් නේද....? කියලා උන්නැහේ කතාව නැවැත්තුවම එතන හිටපු අයගෙන් පස් දෙනෙක් එකපාරටම අත ඉස්සුව. අත උස්සල කිව්ව ඔබ කියන ඕන වෙලාවක අපි තනතුරැ අත්හරින්නම් කියලා....

හිටපු ලොකු තැන අපේක්ෂා නොකළ මේ උත්තරේ දුන්නෙ හිටපු ලොකුතැන එක්ක එකම දවසේ මුලින්ම පාර්ලිමේන්තු ආපු කෙනෙකුත්, පොහොට්ටුවෙ ඉන්න නීති කාරයෙකුත්, කටකාරයෙකුත්, දකුණෙන් ආපු අසූ තුනේ ඉඳන් කවුන්සිලේ ඉන්න කෙනෙකුත්, උඩරට පොරකුත් කියලයි ආරංචි....

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00